dep-minගරු. ජේ.සී. අලවතුවල
ගරු. නියෝජ්‍ය අමාත්‍ය

රජයේ යහපාලන සංකල්පය වටා සියලු පරිපාලන ඒකක ඒකරාශී කිරීමත් ජනතාවට වගකියන රාජ්‍ය පරිපාලනයක් රට තුල ව්‍යාප්ත කිරීමත් වෙනුවෙන් කැපවී කටයුතු කිරීම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හා බද්ධව පවතින වගකීමකි.

නව සියවසේ අභියෝගයන්ට මුහුණ දෙමින් ජනතා මුදල් රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා යෙදවීමත්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කාර්යාල ආදී සංවර්ධන ක්‍රියාවලියට සෘජුවම දායකත්වය සපයන ආයතන හා පුද්ගල කොට්ඨාශයන් හරහා ඉහල ස්ථරයේදී පමණක් භුක්ති විඳීමට ලක්විය හැකි සංවර්ධන ප්‍රතිලාභ ග්‍රාමීය මට්ටම දක්වා රැගෙනයාම සඳහාත් රේඛීය අමාත්‍යාංශයට සහය පල කිරීම හා ඒ සඳහා සක්‍රීය දායකත්වය සැපයීමත් ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේ පරමාර්ථය වන්නේය.

රටෙහි ජනතාවට වගකියන මුල්‍ය ප්‍රතිපත්තියක පිහිටා සිට සිදුකෙරෙන රාජ්‍ය සංවර්ධන ක්‍රියාවලියේදී කාර්යක්ෂම හා ඵලදායී ලෙස ක්‍රියා කරමින් පුරවැසියන් හා නිලදරුවන් අතර සිදු කෙරෙන සහ සම්බන්ධයේ විනිවිද භාවය පිළිබඳව සහතික කිරීමත් අප සතු බරපතල වගකීමකි.

ඒ අනුව යහපාලනය මූලික කරගත් සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම ඊට අවශ්‍ය සහය පළකිරීමත් නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේ මුඛ්‍ය අරමුණ වන බවට සහතික කෙරේ.

FaLang translation system by Faboba