කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකරන ලද නව තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ සුරතින් සිදුකෙරිණි.
ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව රුපියල් ලක්ෂ 465ක වියදමින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් මේ ගොඩනැගිල්ල ඉදිකරන ලදී. මෙම අවස්ථාව සඳහා වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු එස්.බී.නාවින්න මැතිතුමා සහ ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා ඇතුළු මැති ඇමැතිවරු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.