ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන මත කළුතර පරිපාලන දිස්ත්‍රික්කයේ වලල්ලාවිට සහ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්විමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීමට වත්මන් රජය පියවර රාශියක් ගෙන ඇති අතර ඒ අනුව වලල්ලාවිට සහ මදුරාවල ප්‍රාදේශිය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වැය කරන මුදල රුපියල් ලක්ෂ 2,000 කි.

මෙම ගොඩනැගිලිවල විශේෂත්වයක් වන්නේ වාහන නැවැත්වීමේ පහසුකම්වලින් ද සමන්විතව ඉදිකිරීමයි. එමෙන්ම අංගසම්පූර්ණ ශ්‍රවණාගාරයක් ද මේ සෑම ගොඩනැගිල්ලක ම ඉදිකිරිමට අපේක්ෂිත අතර ගොඩනැගිලි සහ එහි කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය සියලු උපකරණ ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ලබාදෙයි.

මෙයට සමගාමීව මදුරාවල නිල සෙවණ කාර්යාලය ද ජනතා අයිතියට පත් කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සුරතින් එදින සිදු කෙරුණි.

මෙම එක් නිල සෙවණ කාර්යාලයක් සඳහා රජය වෙන් කරන ලද මුදල රුපියල් ලක්ෂ 20 කි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත 2020 අවසානය වනවිට ''නිල සෙවණ" කාර්යාල 14,000ක් ඉදිකිරීමට නියමිතය.

ගමක සිටින ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී සහ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර යන ක්ෂේත්‍ර නිලධාරීන් සිව්දෙනාට එකම ස්ථානයක සිට සිය රාජකාරී කටයුතු කරගෙන යාම සඳහා මෙම ''නිල සෙවණ" කාර්යාල ඉදිකරනු ලබයි.

walallavita-01  walallavita-02

walallavita-03  walallavita-04

walallavita-05  walallavita-06

FaLang translation system by Faboba