ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත ඉබ්බාගමුව නව ශ්‍රවණාගාරය සහ වාරියපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරිම අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් 2018 ජුලි මස 14 දින සිදු කෙරුණි. ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ මෙහෙයවීමෙන්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත මෙම ගොඩනැගිලි ඉදි කර ඇත.

ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීමට වත්මන් රජය පියවර රාශියක් ගෙන ඇති අතර ඒ අනුව ඉබ්බාගමුව නව ශ්‍රවණාගාරය සහ වාරියපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිලිඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 1,259 කි.

Ibbagamuwa01  Ibbagamuwa02

Ibbagamuwa03  Ibbagamuwa04

Ibbagamuwa05  Ibbagamuwa06

Ibbagamuwa07

FaLang translation system by Faboba