නීතියෙන් විවාහ නොවී එකට පවුල් කෑ යාපනයේ පවුල් 41ක් රජයේ වියදමින් විවාහ දිවියට ඇතුළත් වීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්. ගොඩකන්ද මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ඒ් අනුව 2018 අගෝස්තු මස 24, 25, 26 සහ 27 දිනවල ස්වදේශ කටයතු අමාත්‍යාංශයේ ''නිල මෙහෙවර" ජනපති ජනතා සේවය ප්‍රාදේශීය වැඩසටහන් හතරක දී විවාහ කරදුන් අවිවාහකව සිටි අඹුසැමි යුවළ සංඛ්‍යාව 79කි.

මොවුන් විවාහ කර දී ඇත්තේ ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස්පරිදි, අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මගපෙන්වීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ජේ.සී.අලවතුවල මැතිතුමාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කර ඇති නිල මෙහවෙර ජනපති ජනතා සේවය ප්‍රාදේශීය වැඩසටහන් හතරක් අතරතුර දී ය.

ඒ අනුව සිකුරාදා (24) පැවැති සන්දිලිප්පායි ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහන අතරතුර අවිවාහක පවුල් තුනක් නීත්‍යානුකූලව විවාහ කළ අතර සෙනසුරාදා (25) උඩුවිල් ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහන අතරතුර අවිවාහක පවුල් අටක් ද ඉරිදා (26) කරවෙට්ටි ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහන අතරතුර පවුල් 27ක් ද සඳුදා (27) මරුතන්කේනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති නිල මෙහවර ප්‍රාදේශීය වැඩසටහනේ දී පවුල් 41ක් ද මෙලෙස විවාහ කරවන ලදී.

ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා පවසන්නේ දීර්ඝකාලයක් යුද්ධයට මුහුණ දී තිබූ උතුරු ප්‍රදේශවල නීත්‍යානුකූළව විවාහ නොවූ නමුත් දරුවන් පවා සිටින අඹු සැමියන් විශාල පිරිසක් සිටින බවයි. ඔවුන්ගේ විවාහ ලියාපදිංචි කිරීම නිල මෙහෙවර ජනපති ජනතා සේවය වැඩසටහන පැවැත්වෙන භූමියේ දී රජයේ වියදමින් සිදුකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 jaffna-02

jaffna-03 jaffna-04 

 

FaLang translation system by Faboba