යාපනය දිස්ත්‍රික්කයේ කෝපායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙනුවෙන් රුපියල් ලක්ෂ 446ක වියදමින් ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් විවෘත කෙරිණි.
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා ඇතුළු මැති ඇමැතිවරු රැසක් මේ උත්සවය සඳහා සහභාගී වූහ.