අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ මැදිහත්වීම මත, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සංවිධානය කරන රාජ්‍ය සේවය ගමට දිස්ත්‍රික් සහන සේවා වැඩසටහනෙහි සමාරම්භක උත්සවයඅග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019 ජුනි මස 01 වන සෙනසුරාදා මාතලේ ශ්‍රී සංඝමිත්තා ජාතික පාසලේදී පැවැත්වුණි.
අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි ජනතාවට සහන සැලසෙන වැඩසටහන් ඇතුළත් “රාජ්‍ය සේවය ගමට ගෙන යන ජනතා සේවා වැඩසටහන” සියලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ බැංකු ආදි ආයතනයන්ගේ සහභාගිත්වයෙන් මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ජුනි මස ‍01 දින සිට ජුලි මස 08 වන දින දක්වා දිස්ත්‍රක්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ඒ අනුව මාතලේ ශ්‍රී සංඝමිත්තා ජාතික පාසල ජුනි 01, යටවත්ත වීර පරාක්‍රම මහා විද්‍යාලය ජුනි 02, රත්තොට කයිකාවල මධ්‍ය මහා විද්‍යාලය ජුනි 08, උකුවෙල අජ්මීර් මහා විද්‍යාලය ජුනි 09, නාවුල ශ්‍රී නාග මහා විද්‍යාලය ජුනි 22, ලග්ගල මධ්‍ය මහා විද්‍යාලය ජුනි 23, විල්ගමුව නාමිණිඔය මධ්‍ය මහා විද්‍යාලය ජුනි 29, අඹන්ගඟකෝරලේ මැටිහක්ක මහා විද්‍යාලය ජුනි 30, පල්ලේපොල මහා බෝධිය මහා විද්‍යාලය ජුලි 06, දඹුල්ල වීර මොහාන් මහා විද්‍යාලය(ගම්උදාව) ජුලි 07, ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය ජුලි 08 යන දිනවලදී මෙම ජනතා සේවා වැඩසටහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පැවැත්වේ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මෙයට පෙර සංවිධානය කළ නිල මෙහෙවර ජනපති ජනතා සේවයෙහි දිගුවක් ලෙස මෙම දිස්ත්‍රික් සහන සේවය සංවිධානය කරන අතර මේ තුළින් ජනතාවට වඩාත් ප්‍රතිලාභ සහ රාජ්‍ය සේවයේ කටයුතු කඩිනමින් ලබාදීමට අපේක්ෂිතය.

මෙම සහන සේවය මගින් ජනතාවට උප්පැන්න සහතික සහ ජාතික හැඳුනුම්පත් ලබාදීම, නොමිලේ පවත්වන වෛද්‍ය සහ අක්ෂි සායන සේවාවන්, සමෘද්ධි දීමනා, වැඩිහිටි දීමනා, විශ්‍රාම වැටුප් දීමනා සහ රජය මගින් ලබාදෙන අනෙකුත් දීමනා සම්බන්ධ ගැටලු නිරාකරණය, ඉඩම් හිමිකම් ගැටලු, බලපත්‍ර ගැටලු විසඳීම සහ ඉඩම් ඔප්පු ලබාදීම, ගොවි, කම්කරු ගැටලු සඳහා විසඳුම් සහ ස්වයං රැකියා අවස්ථා හඳුන්වාදීම ඇතුළු ජනතා හිතවාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ.

matale01 matale02

matale03 matale04

matale05 matale06

matale07 matale08

matale9 matale10

matale11 matale12

matale13 matale14

matale15 matale16

FaLang translation system by Faboba