කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තුළින් ජනතාවට වඩාත් ඵලදායී සේවාවක් ලබාදීමේ අරමුණින් යුතුව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ සුවිශේෂ මැදිහත්වීම මත, රුපියල් මිලියන 5,583ක වියදමකින් නාරහේන්පිට, ඇල්විටිගල මාවතේදී ඉදිකරන ලද “නිල මැදුර” ස්වදේශ කටයුතු අමාත්‍යාංශ සංකීර්ණය අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් 2019 ජුලි මස 25 වන බ්‍රහස්පතින්දා ජනතා අයිතියට පත් කෙරුණි.

දිවයින පුරා ක්‍රියාත්මක ව්‍යාපෘති 2,000ක් ජනගත කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව මෙම ස්වදේශ කටයුතු අමාත්‍යාංශ සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම සිදු විය.

එවකට මහල් 05ක් ලෙස පැවති කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශ සංකීර්ණය ලෙස මහල් 20ක කාර්යාල සංකීර්ණයක් ලෙස පුළුල් කිරීමේ වැඩකටයුතු ජනාධිපති අතිගරු මෙමත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ විශේෂ යෝජනාවක් අනුව 2016 ජනවාරි 08 වන දින අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණි. 2022 වසරේ අවසන් භාගයේදී වැඩ අවසන් කිරීමට තිබූ මෙම ව්‍යාපෘතිය අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ සුවිශේෂ මැදිහත්වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට වැඩ නිමකිරීමට හැකි වුණි.

මෙම ව්‍යාපෘතිය නවීන තාක්ෂණයෙන් යුත් ගොඩනැගිලි කළමනාකරණ පද්ධතියක් අනුව නිමවා ඇත.

මෙම ගොඩනැගිල්ලෙහි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සියලුම අංශ, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය, ආසන 100ක් සහ 200ක් සහිත ශ්‍රවණාගාර 2ක්, වාහන 100ක් නවතා තැබීමේ පහසුකම්, තිඹිරිගස්යාය උපතැපැල් කාර්යාලය, ලංකා බැංකු ශාඛාවක්, බැංකු ටෙලර් යන්ත්‍ර, ආබාධිත පුද්ගලයින්ගේ පහසුව සහිත විදුලි සෝපාන 5ක්, ආපන ශාලාවක් සහ කුඩා සුපිරි වෙළඳසැලක් සමන්විතය. සූර්ය පැනල පද්ධතියක්ද මෙහි ස්ථාපිත කර ඇත.

01 02

03 04

05 06

07 08

09 10

11 12

13 14

15 16

17 18

19 20

21 22

FaLang translation system by Faboba