රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය සහ ප්‍රාදේශී ලේකම් කාර්යාල නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ මෙහෙයවීමෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019 අගෝස්තු මස 03 වන දින සිදු කෙරුණි.

බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙමහල් ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 220ක වියදමින් ඉදිකර ඇත.මෙම අවස්ථාවේදී සංවර්ධන නිලධාරීන් සඳහා රාජකාරී ගමන් මලු ප්‍රදානයද සිදු විය. මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ හා පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා ඇතුළු මැති ඇමැතිවරු රැසක් සහභාගී වී සිටියහ.

01 02

01 02

01 02

01 02

FaLang translation system by Faboba