පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය සහ ප්‍රාදේශී ලේකම් කාර්යාල නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගේ මෙහෙයවීමෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීම අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019 අගෝස්තු මස 04 වන දින සිදු කෙරුණි.

පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙමහල් ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 325ක වියදමින් ඉදිකර ඇත. මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් මැතිඇමතිවරු පිරිසක් එක්ව සිටියහ.

01 02

01 02

01 02

FaLang translation system by Faboba