72 වන නිදහස් සමරු උළෙලට සමගාමීව මුව දිවයිනම ආවරණය වන පරිදි

සංවිධානය කරන ලද රුක් රෝපණ වැඩසටහන

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ මෙහෙයවීමෙන් වර්ෂ 2020 පෙබරවාරි මස 04 වන දිනට යෙදුන 72 වන නිදහස් සමරු උළෙල නිදහස් චතුරස්‍රයේදී ඉතා අභිමානවත් අයුරින් සමරන ලදි. 

මෙවර නිදහස් සමරු උළෙල පදනම් කර ගනිමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කිරීම සඳහා අවධානය යොමුකළ අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් දැවමය, අහාරමය හෝ ඖෂධමය වටිනාකමින් යුතු පැළ රෝපණය කිරීම සිදුකරන ලදි.මෙම ජාතික කර්තව්‍යයේ නිරත වන රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, ස්වෙච්චා සංවිධාන වල නිලධාරින් ඇතුළු උනන්දු කණ්ඩායම් දිරිගන්වනු පිණිස අමාත්‍යාංශය විසින් ජාතික මට්ටමේ පළමු, දෙවන, තෙවන ස්ථාන හා  කුසලතා මට්ටමේ ව්‍යාපෘති 07 ක්ද ඇතුළුව සාර්ථක ව්‍යාපෘති 10 ක් තෝරාගැනීමට කටයුතු සිදුකිරීමට ඉදිරියේදි අපේක්ෂා කෙරේ.

 

10
FaLang translation system by Faboba