දැක්ම
කාලගුණය හා දේශගුණය පිළිබඳ සේවාවන් සඳහා බුද්ධි විශිෂ්ටතම මධ්‍යස්ථානයක් වශයෙන් පැවතීම.
මෙහෙවර
ජාතික ශුභසිද්ධියට හා අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වෙමින් රාජ්‍ය ආයතන වලට සහ පෞද්ගලික අංශයේ ආයතන වලට සහ මහජනයාට කාලගුණ විද්‍යාව, ගුවන් කාලගුණ විද්‍යාව, සමුද්‍ර කාලගුණ විද්‍යාව, ජල කාලගුණ විද්‍යාව. කෘෂි කාලගුණ විද්‍යාව, දේශගුණ විද්‍යාව, තාරකා විද්‍යාව පිළිබඳ සේවාවන් සැපයීම.
පරමාර්ථ
ජාත්‍යන්තර කාලගුණ විද්‍යා සංවිධානයේ ප්‍රමිතීන්ට (WMO) අනුකූල කාලගුණික මූලද්‍රව්‍ය නිරීක්ෂණය කොට ඒවා එක්රැස් කිරීම සහ දේශගුණ විද්‍යාත්මක දත්ත සමුදායක් පවත්වාගෙන යාම.
ජාතික බලාධිකාරිය ලෙස කාලගුන හා දේශගුණ විද්‍යා සේවා සැපයීම.
කාලගුණය හා සම්බන්ධ සිදුවීම් හා සුනාමි පිළිබඳ කල් ඇතිව දැනුම් දීම සහ උපදෙස් දීම.
ජාත්‍යන්තර කාලගුණ විද්‍යා සංවිධානයට (WMO) සහ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය (ICAO)පනවා ඇති තාක්ෂණික රෙගුලාසිවලට අනුකූලව ජාතික සහ ජාත්‍යන්තර ගුවන් සේවාවන්ට කාලගුණ විද්‍යාත්මක සේවා සැපයීම.
කාලගුණ විද්‍යාව, දේශගුණ විද්‍යාව, දේශගුණික වෙනස්වීම් සහ ඒ ආශ්රිත විෂයන් පිළිබඳ අධ්‍යයන පර්යේෂණ සඳහා උනන්දු කරවීම සහ එම තේමාවන්ට අදාළ ක්ෂේත්රයන් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම හා ඒවාට දායක වීම.
සීමිත තාරකාවිද්‍යා සේවා සහ භෞමික චුම්බකත්ව ආශ්රිත සේවා සැපයීම.