ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය යනු ශ්‍රී ලංකාවේ නායයාම් අවදානම් කළමනාකරණයේ ජාතික මධ්‍යස්ථානය බවට පත් ව ඇත. ඒ වෙත පැවරී ඇති වගකීම්වලට අනුව නායයාම් වලට අදාළ අධ්‍යයන, පරික්ෂා, ආපදා කළාප සිතියම්ගත කිරීම, නිරීක්ෂණය, පූර්ව අවවාද ලබා දීම හා අවම කිරීමේ කාර්යයන් කිරීමට අමතරව, ගොඩනැගිලි බලපත්‍ර හා සංවර්ධන සැළසුම් අනුමත කිරීමට අවශ්‍ය කරන පූර්ව අවශ්‍යතාවයක් ලෙස නායයාම් ආපදා තක්සේරු වාර්තා නිකුත් කිරීමේ සේවය ලබා දේ.
පාරිසරික කළමනාකරණය, මානව ජනාවාස සැළසුම්කරණය, ඉංජිනේරුමය ව්‍යාපෘති කළමනාකරණය, භූ තාක්ෂණික ඉංජිනේරු විද්‍යාව සහ ගොඩනැගිලි ද්‍රව්‍ය තාක්ෂණ විද්‍යාව වැනි පුළුල් පරාසයක් කරා විහිදී යන දැනුම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබා දේ.
තවද, රාජ්‍ය හා පුද්ගලික අංශයට උපදේශන හා පරීක්ෂණ සේවා ලබා දීම් මගින් ස්වයං ආදායම් කෙරෙහි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය යොමුවී ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙහි කාර්ය භාරයන්
- ආපදා අවදානම් අවමකරණය හා සුරක්ෂිත පරිසරයක් සැකසීමට අදාළව පර්යේෂණ හා සංවර්ධන කටයුතුවල නියැලීම
- නායයාම් හා භූ තාක්ෂණ උවදුරු සඳහා ජාතික කේන්ද්‍රීය මධ්‍යස්ථානය ලෙස වූ කාර්යභාරය ඉටු කිරීම
- පර්යේෂණ සිදු කිරීම හා සැළසුම්කරණය, ආපදා අවදානමට ලක් වූ හා විවිධ කාලගුණික වෙනස්කම් නිසා අනතුරට පාත්‍ර ව ඇති ප්‍රදේශවල තිරසාර නිවාස හා ආරක්ෂික මානව ජනාවාස ඉදිකිරීම පිළිබඳව මාර්ගෝපදේශ ලබාදීම
- තාක්ෂණිකව ගැටළුකාරී වී ඇති පස් සහිත ප්‍රදේශ භාවිතා කිරීම පිළිබඳව පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීම
- ගොඩනැගිලි ද්‍රව්‍ය, නිෂ්පාදන හා තාක්ෂණයන්වල විකල්ප ප්‍රභව වැඩිදියුණු කිරීම
- ගොඩනැගිලි හා ඉඳිකිරීම්, හානි තක්සේරුව හා තාක්ෂණික සේවා පිළිබඳව ප්‍රමිති වාර්තා නිකුත් කිරීම
-
විශේෂිත සම්පත් දායකයන් විසින් තොරතුරු, අධ්‍යාපනික වැඩසටහන්, පුහුණු කිරීම් හා තාක්ෂණික සේවාවල ලබා දීම
-
පරීක්ෂා කටයුතු සිදු කිරීම, උපදේශන ලබාදීම්, භූ ගර්භ විද්‍යාව, භු තාක්ෂණික ඉංජිනේරු විද්‍යාව, ගොඩනැගිලි ද්‍රව්‍ය, ව්‍යුහාත්මත ඉංජිනේරු විද්‍යාව හා ගොඩනැගිලි සේවා, ව්‍යාපෘති කළමනාකරණය, පාරිසරික කළමනාකරණය, මානව වාසස්ථාන සැළසුම්කරණය සහ සංවිධානයේ අරමුණු සාක්ෂාත් කිරීමට අදාළ ක්ෂේත්‍ර පිළිබඳව පර්යේෂණ ව්‍යාපෘති සිදු කිරීම