emergancycontact

dmcජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 1996 දී සමාජ සේවා සහ සමාජ ශුභසාධන අමාත්‍යාංශය යටතේ පිහිටුවන ලදී. එය 2005/12/08 වැනි දින අංක 1422/22 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ආපදා සහන සේවා අමාත්‍යාංශය යටතට පත් කරන ලද්දේ සහන කටයුතු පුනරුත්ථාපන කටයුතු සහ ප්‍රතිසංස්කරණ කටයුතු සැලසුම් කොට ක්‍රියාත්මක කරනු පිණිසය. එය 2007/01/09 වැනි දින 1482/9 දරන ගැසට් නිවේදනයෙන් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය යනුවෙන් නැවත නම් කොට නැවත පදිංචි කරවීමේ සහ ආපදා සහන සේවා අමාත්‍යාංශයට මාරු කරන ලදී. අංක 1651/20 දරන ගැසට් නිවේදනය ප්‍රකාර එය 2010/04 දින සිට ක්‍රියාත්මක වන පරිදි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.

දැක්ම

ආපදා සහන සේවා මගින් සුරක්ෂිතකර ශ්‍රී ලංකාවක් කරා.

මෙහෙවර
අවබෝධය, වැළැක්වීම, සූදානම්භාවය, ලිහිල් කිරීම සහ සම්බන්ධීකරණය යන මේවා මගින් ස්වාභාවික වූත් මිනිසා විසින් ඇති කරනු ලබන්නාවූත් යන දෙආකාරයේම ආපදාවලින් මිනිස් ජීවිත, දේපළ, පරිසරය සහ වන ජීවීන් ආරක්ෂා කර ගැනීම.

  

නිල වෙබ් අඩවියට

FaLang translation system by Faboba