දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මාසිකව පැවැත්වෙන සමුළුව රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විණි. වගකීමකින් තොරව තම රාජකාරි සිදුකරන නිලධාරීන් පිළිබඳව අධීක්ෂණය කර මාසික වාර්තාවක් ලබා ගන්නා ලෙස අමාත්‍යතුමා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය. වියළි කලාප තුල රක්ෂිතවල ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම් නැවතීමට ක්‍රියා කළ යුතුයි. ඒ පිළිබඳ වගකීම සහ අධීක්ෂණය දිස්ත්‍රික් ලේකම්වරයා සතුවේ. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තියට අනුව දූෂණයෙන් තොර කාර්යක්ෂම පාලනයක් ඇති කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් ට ස්ථාන මාරුවීම් ලබාදීමේ නව ප්‍රතිපත්තියක් සැකසිය යුතු බව රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබා දුන්නේය. මෙම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව සඳහා රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ඇතුළු රාජ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් එක්ව සිටියේය.