රාජ්‍ය ආරක්ෂක, ස්වදේශකටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි 73 වන ජාතික නිදහස් දින සැමරුම් ප්‍රගති සමාලෝචන රැස්වීම ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිතුමා ඇතුලු ආරක්ෂක අංශයේ උසස් නිලධාරීන්, අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු වල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.
අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ පැවති ජාතික නිදහස් සැමරුම් උත්සවය පිළිබදව ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී “ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මව්බිමක්“ යන තේමව යටතේ 73 වන ජාතික නිදහස් දින සැමරුම අභිමානවත්ව පැවැත් වීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්ෂක, ස්වදේශකටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.
සියලු ජාතීන් නියෝජනය කරමින් සාම්ප්‍රදායික සංස්කෘතික අංගවලට මුල්තැන දෙමින් ජාතික නිදහස් සැමරුම 2021 පෙබරවාරී 04 වන දින නිදස් චතුරශ්‍රෙය් දී අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
73 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව දිවයින පුරා රුක්රෝපණ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.