emergancycontact

ශ්‍රී ලංකාව 1993 ජනවාරි 14 දින රසායනික අවි සම්මුතිය (ර.අ.ස.) සඳහා අත්සන් තැබූ අතර 1994 අගෝස්තු 19 දින එය අපරානුමත කරන ලදී. මෙම සම්මුතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා වූ පනත 2007 අගෝස්තු මස පාර්ලිමේන්තුව මගින් සම්මත කළ අතර 2008 අගෝස්තු 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කරන ලදී.

ර.අ.ස. යනු රසායනික අවි වැඩි දියුණු කිරීම, නිපදවීම, එක්රැස් කිරීම, සහ භාවිතා කිරීම තහනම් කිරීම සහ ඒවා විනාශ කිරීම පිළිබඳ සම්මුතියට දී ඇති පොදු නාමයයි. මෙම කාණ්ඩයට අයත් අවි සත්‍යාපනය කළ හැකි ආකාරයෙන් තුරන් කිරීම සඳහා උත්සාහ දරන රසායනික අවි සම්මුතිය ජාත්‍යන්තර ගිවිසුමකි. එය මූලික වශයෙන් ජාතික වැඩසටහන්ද, වක්‍රාකාරයෙන් රසායනික ත්‍රස්තවාදයේ තර්ජනය ආමන්ත්‍රණය කරයි.

ශ්‍රී ලංකාවද ඇතුළුව ලොව පුරා බොහෝ රටවල කාර්මික, කෘෂිකාර්මික, පර්යේෂණ, වෛද්‍ය, ඖෂධ සහ අනෙකුත් සාමකාමී කාර්යයන් සඳහා සිය නිෂ්පදාන කටයුතුවලදී විෂ රසායනික ද්‍රව්‍ය හා ඒවායේ පූර්වගයන් නිපදවීමේ නිරතව සිටින සමාගම් සහ ව්‍යාපාර තිබේ. මෙම රසායනික ද්‍රව්‍ය සමහරක් රසායනික අවි තැනීම සඳහා ද යොදා ගත හැකි. එබඳු ද්වි භාවිත රසායයනික ද්‍රව්‍ය පවතින බැවින්, එබඳු රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්තයන්හි ක්‍රියාකාරකම් අධීක්ෂණය අතිශයින් වැදගත් වේ.  

නිල වෙබ් අඩවියට

FaLang translation system by Faboba