1985 අංක 09 දරන ජාතික ආරක්ෂක අරමුදල් පනත මගින් සංස්ථාගත කරන ලද ජාතික ආරක්ෂක අරමුදල පාලනය කරනු ලබන්නේ 2018 අංක 16 සංශෝධිත පනතට අනුව නම් කරන ලද පාලක මණ්ඩලයක් විසිනි.
මෙම අරමුදල ජනාධිපතිවරයාගේ විධිවිධානවලට යටත්ව ජාතික ආරක්ෂාවෙහි දියුණුව සහතික කිරීම සඳහා යොදා ගනී.
තවද, තම රාජකාරිය ඉටු කිරීමේදී තුවාල සිදු වූ හෝ ජීවිතය කැප කළ ත්රිවිධ හමුදාවේ හෝ පොලිසියේ සාමාජිකයෙකුට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයෙකුට සුභසාධන ප්රතිලාභ ලබා දෙනු ලැබේ.