රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා සේවා අවශ්‍යතාවය අනුව යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පස් මහල් ගොඩනැගිල්ල පසුගිය 17 දින වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් විවෘත කරන ලදී. රට හදන සෞභාග්‍යයේ ප්‍රතිපත්තියට අනුව ගුණාත්මක මහජන සේවාවක් ඇති කිරීම මෙමගින් බලාපොරොත්තු වේ. නවීන තාක්ෂණයට අනුව ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පූර්ණ අධීක්ෂණය යටතේ රුපියල් ලක්ෂ 825 ක් වැයවී තිබේ.

 

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මැතිතුමා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මැතිතුමා, මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මැතිතුමා,හිටපු මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ද මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, යටිනුවර ප්‍රාදේශීය ලේකම් යූ.පි.අයි. පියදාස යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

20 20

20 20

20 20

20 20

20 20

20 20

20 20

20 20

20 20

20 20

FaLang translation system by Faboba