පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පැවති නිල මෙහෙවර ජනතා සේවයට සමගාමීව දිස්ත්‍රික්කයේ ආගමික ස්ථාන සංවර්ධනය සඳහා අධාර පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේදී  සමාප්ති උත්සවයේදී සිදුවිය.

ඒ අනුව වෙහෙර විහාරස්ථාන 350 ක්, හින්දු කෝවිල් 32 ක්, කතෝලික දේවස්ථාන 11 ක්, මුස්ලිම් පල්ලි 47 ක් සඳහා ආධාර මුදල් ලබාදීම මෙහිදී සිදු කෙරුණි.

නිල මෙහෙවර ජනතා සේවයට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම ග්‍රාම නිලධාරීන්ට කාර්යාලීය ගමන් මලු සහ නිල ලාංඡන 295 ක් සහ දිස්ත්‍රික්යේ සියලුම සංවර්ධන නිලධාරීන්ට කාර්යාල ගමන්මලු 314 ක් ලබාදීමද මෙදිනම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවීම විශේෂත්වයකි.

 

පින්තූර ගැලරිය සඳහා

FaLang translation system by Faboba