BT4A1380ප්‍රාදේශිය පරිපාලනය දුර්වල වුවහොත් සමස්ත රටේම පරිපාලනය අඩපණ වන බවත් ඒ නිසා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස කඩිනමින් තීරණ ගෙන ඒවා මහජනතාවගේ යහපත් පිණිස ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවැසුවේ කොළඹ 07, ශ්‍රි ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී 2016.09.29 (අද) දින පැවැති 2016 වර්ෂයේ 5 වැනි දිසාපති සමුළුවේ ආරම්භක සැසිය අමතමිනි.

යාපනය, මඩකළපුව ඇතුළු දිවයිනේ සියලුම ප්‍රදේශවල මුල්ගල් තබා අවසන් කළ ඉදිකිරීමට අපේක්ෂිත නව දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා අදහස් දැක්වූ අතර වර්ෂය අවසානය වන විට එම නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කළ ඇති බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් පිළිබඳව මේ දිනවල දැඩි කතාබහට ලක් වෙනවා. එතුමාගේ ඒ කතාව සම්පූර්ණයෙන්ම බොහෝ මාධ්‍යවල පළ වුණේ නැහැ. ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කරන්නේ මම සිංහල ජනතාවට, බෞද්ධයන්ට හෝ වෙනත් ජාතියකට විරුද්ධව නොව කටයුතු කරන්නේ කියලා. එම ප්‍රකාශය නිවැරදිව වටහා නොගෙන, ජාතින් අතර සංහිඳියාවට බාධා එල්ල කිරීමට දැවැන්ත උත්සාහයක පිරිසක් නිරත වෙනවා. ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රකාශය නැවත නැවත මාධ්‍යයේ පළ කිරීම වැදගත් යැයි මම සිතනවා. යාපනය, මඩකළපුව පසුගියදා පැවැති අපේ උත්සව අවස්ථාවන් සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලුම දේශපාලන නියෝජිතයින් සහභාගි වී සිටියා. එහිදී ඔවුන් සියලුම දෙනාටම ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අපි අවස්ථාව ලබාදුන්නා. යැයි කීය.

මෙවර දිසාපති සමුළුවේදී අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි කාර්මික නිලධාරීන්ට හා තාක්ෂණ නිලධාරීන්ට අදාළ වන විවිධ යෝජනා, සංවර්ධන නිලධාරින්ගේ සේවා ව්‍යවස්ථාව, ග්‍රාම නිලධාරීන්ට අදාළ වන කරුණු රැසක් පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරු සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් මතු වී ඇති ගැටලු සඳහා විසදුම් ලබාදීමට අමාත්‍යවරයා කටයුතු කළේය.

මෙම අවස්ථාව සඳහා දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරු, අමාත්‍යාංශ නිලධාරිහු සහභාගි වී සිටියහ.

පින්තූර ගැලරිය සඳහා

FaLang translation system by Faboba