මාතලේ දිස්ත්‍රික්කයේ කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය විවෘත කිරීම අභයන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා සහ රාජ්‍ය අමාත්‍ය ‌ජේ.සී.අලවතුවල මැතිතුමාගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.

 

matale01 matale02

matale03 matale04

matale05 matale06

matale07 matale08

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ මැදිහත්වීම මත, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සංවිධානය කරන රාජ්‍ය සේවය ගමට දිස්ත්‍රික් සහන සේවා වැඩසටහනෙහි සමාරම්භක උත්සවයඅග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2019 ජුනි මස 01 වන සෙනසුරාදා මාතලේ ශ්‍රී සංඝමිත්තා ජාතික පාසලේදී පැවැත්වුණි.
අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි ජනතාවට සහන සැලසෙන වැඩසටහන් ඇතුළත් “රාජ්‍ය සේවය ගමට ගෙන යන ජනතා සේවා වැඩසටහන” සියලු අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ බැංකු ආදි ආයතනයන්ගේ සහභාගිත්වයෙන් මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ජුනි මස ‍01 දින සිට ජුලි මස 08 වන දින දක්වා දිස්ත්‍රක්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ඒ අනුව මාතලේ ශ්‍රී සංඝමිත්තා ජාතික පාසල ජුනි 01, යටවත්ත වීර පරාක්‍රම මහා විද්‍යාලය ජුනි 02, රත්තොට කයිකාවල මධ්‍ය මහා විද්‍යාලය ජුනි 08, උකුවෙල අජ්මීර් මහා විද්‍යාලය ජුනි 09, නාවුල ශ්‍රී නාග මහා විද්‍යාලය ජුනි 22, ලග්ගල මධ්‍ය මහා විද්‍යාලය ජුනි 23, විල්ගමුව නාමිණිඔය මධ්‍ය මහා විද්‍යාලය ජුනි 29, අඹන්ගඟකෝරලේ මැටිහක්ක මහා විද්‍යාලය ජුනි 30, පල්ලේපොල මහා බෝධිය මහා විද්‍යාලය ජුලි 06, දඹුල්ල වීර මොහාන් මහා විද්‍යාලය(ගම්උදාව) ජුලි 07, ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය ජුලි 08 යන දිනවලදී මෙම ජනතා සේවා වැඩසටහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පැවැත්වේ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මෙයට පෙර සංවිධානය කළ නිල මෙහෙවර ජනපති ජනතා සේවයෙහි දිගුවක් ලෙස මෙම දිස්ත්‍රික් සහන සේවය සංවිධානය කරන අතර මේ තුළින් ජනතාවට වඩාත් ප්‍රතිලාභ සහ රාජ්‍ය සේවයේ කටයුතු කඩිනමින් ලබාදීමට අපේක්ෂිතය.

මෙම සහන සේවය මගින් ජනතාවට උප්පැන්න සහතික සහ ජාතික හැඳුනුම්පත් ලබාදීම, නොමිලේ පවත්වන වෛද්‍ය සහ අක්ෂි සායන සේවාවන්, සමෘද්ධි දීමනා, වැඩිහිටි දීමනා, විශ්‍රාම වැටුප් දීමනා සහ රජය මගින් ලබාදෙන අනෙකුත් දීමනා සම්බන්ධ ගැටලු නිරාකරණය, ඉඩම් හිමිකම් ගැටලු, බලපත්‍ර ගැටලු විසඳීම සහ ඉඩම් ඔප්පු ලබාදීම, ගොවි, කම්කරු ගැටලු සඳහා විසඳුම් සහ ස්වයං රැකියා අවස්ථා හඳුන්වාදීම ඇතුළු ජනතා හිතවාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ.

matale01 matale02

matale03 matale04

matale05 matale06

matale07 matale08

matale9 matale10

matale11 matale12

matale13 matale14

matale15 matale16

උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමි කොට ගෙන අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ‘ස්වදේශ කටයුතු අංශයේ‘ සංවිධායකත්වයෙන් පැවැති සූර්ය මංගල්‍යය ප්‍රිය සාදය 2019 අප්‍රේල් මස 17 වැනි දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

මේ සඳහා ගරු අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා හා එම මැතිනිය සහභාගී වූ අතර, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි මැතිතුමා, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මැතිතුමා, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ රාජ්‍ය ලේකම් එන්. ගොඩකන්ද මහත්මිය ඇතුළු අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ නිලධාරීන් බොහෝ පිරිසක් සම්බන්ධ වී සිටියහ.

new year 2019 april 01 new year 2019 april 02

new year 2019 april 03 new year 2019 april 04

new year 2019 april 05 new year 2019 april 06

new year 2019 april 07 new year 2019 april 08

new year 2019 april 09 new year 2019 april 10

new year 2019 april 11 new year 2019 april 12

new year 2019 april 13 new year 2019 april 14

new year 2019 april 15 new year 2019 april 16

 

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම් කමල් පද්මසිරි මහතා විශ්‍රාම යෑම හේතුවෙන් පුරප්පාඩු වූ ලේකම් ධූරය සඳහා පත් කළ ගාමිණී සෙනෙවිරත්න මහතා අද අමාත්‍යාංශ පරිශයේදී සිය රාජකාරි ආම්භ කළේය.
මෙම අවස්ථාව සඳහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම් කමල් පද්මසිරි මහතා, රාජ්‍ය ලේකම් එන් ගොඩකන්ද මහත්මිය, කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා ඇතුළු ස්වදේශ කටයුතු අංශයේ, අභ්‍යන්තර කටයුතු අංශයේ හා පළාත් සභා හා පළාත් පාලන අංශයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළූ නිලධාරීන් බොහෝ පිරිසක් සම්බන්ධ වී සිටියහ.

 

gamini appoint 14 gamini appoint 13

gamini appoint 12 gamini appoint 11

gamini appoint 12 gamini appoint 11

gamini appoint 12 gamini appoint 11

gamini appoint 12 gamini appoint 11

gamini appoint 12 gamini appoint 11

gamini appoint 12 gamini appoint 11

 

 

“පුරනැගුම” ව්‍යාපෘතිය සහ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඒකාබද්ධව, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත, මාතලේ දිස්ත්‍රික්කයේ රුපියල් ලක්‍ෂ 21,330ක වියදමින් පිරිසිදු පානීය ජලය ලබාදීමේ ජලනල ස්ථාපනයෙහි වැඩ ආරම්භ කිරීම අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණි. මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාමීය පවුල් 10,502ක් සඳහා ප්‍රතිලාභ හිමි වන අතර ජලනල ස්ථාපනය කිරීමේ මුළු දුර කිලෝමීටර් 525ක්ය. ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මගපෙන්වීමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 6610ක වියදමකින් යුතුව ගලේවෙල ප්‍රදේශය සහ තිත්තවැල්ගොල්ල ප්‍රදේශය ආවරණය වන පරිදි ප්‍රතිලාභී පවුල් 3376කට සෙත සැලසෙන දිග කි.මී. 138ක ජලනල පද්ධතිය ආරම්භ කිරීම දඩුයාය පන්සල අසලදී සිදු වූ අතර ලක්ෂ 4150ක වියදමකින් යුතුව සීගිරිය ප්‍රදේශය සහ හබරණ ප්‍රදේශය ආවරණය වන පරිදි ප්‍රතිලාභී පවුල් 1432කට සෙත සැලසෙන දිග කි.මී. 114 ක ජලනල පද්ධතිය ආරම්භ කිරීම කිඹිස්ස ප්‍රදේශයේදී සිදු විය.

ඉනාමළුව ප්‍රදේශය සහ කිතුල්හිටියාව ප්‍රදේශය ආවරණය වන පරිදි රුපියල් ලක්ෂ 4920ක වියදමකින් යුතුව දිග කි.මී. 119ක ජලනල පද්ධතිය ආරම්භ කිරීම වැලිහේන හන්දියේදී සිදු කෙරිණි. මෙහි ප්‍රතිලාභී පවුල් ගණන 2381කි. පවුල් 3313කට ප්‍රතිලාභ හිමි වන දඹුල්ල ග්‍රාමීය ප්‍රදේශය සහ කන්ඩලම ප්‍රදේශය ආවරණය වන පරිදි රුපියල් ලක්ෂ 5650ක වියදමකින් යුතුව දිග කි.මී. 154ක ජලනල පද්ධතිය බුලාගල හන්දියේදී අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමාගේ සුරතින් ආරම්භ කෙරුණි.

මෙම අවස්ථාවන් සඳහා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ගරු ජේ.සී. අලවතුවල, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු වසන්ත අලුවිහාරේ, සංචාරක සංවර්ධන හා වනජිවී රාජ්‍ය අමාත්‍ය ගරු රන්ජිත් අලුවිහාරේ මැතිතුමන්ලා ඇතුළු නගරාධිපතිවරු,, සභාපතිවරු, විපක්ෂ නායකවරු සහ මන්ත්‍රීවරු සහභාගි වූහ.

matale 01

 matale 03

matale 04

matale 02 

FaLang translation system by Faboba