කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකරන ලද නව තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ සුරතින් සිදුකෙරිණි.

ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව රුපියල් ලක්ෂ 465ක වියදමින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් මේ ගොඩනැගිල්ල ඉදිකරන ලදී. මෙම අවස්ථාව සඳහා වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු එස්.බී.නාවින්න මැතිතුමා සහ ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා ඇතුළු මැති ඇමැතිවරු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Ibbagamuwa-01  Ibbagamuwa-04

  

මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ල 2018/06/09 දින ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරිණි. මෙම ගොඩනැගිල්ලල සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 940ක මුදලක් වැයකර ඇත. මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමා, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මැතිතුමා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලුවිහාරේ මැතිතුමා ඇතළු මැති ඇමැතිවරු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

මෙහි දී ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා කාර්යාලයීය ගමන් මලු ප්‍රදානය කිරීම, ඉඩම් හිමිකම් ඔප්පු ලබාදීම, ස්වයං රැකියා අධාර ලබාදීම, රෙජිස්ටාර්වරුන්ට ලැප්ටොප් පරිගණක ලබාදීම, අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය හා ග්‍රාම නිලධාරීවරුන් වෙනුවෙන් විශිෂ්ඨතා සම්මාන ලබාදීම ද අගමැතිතුමාගේ සුරතින්සිදුකෙරිණි.

 

  galewela ds opening 02  

    

    

    

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබිම, සොරණතොට සහ බදුල්ල ප්‍රාදේශිය ලේකම් නිල නිවස සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල නිවාස සංකීර්ණය විවෘත කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2018 මැයි මස 14 වන සඳුදා දින සිදු කෙරුණි.

මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව දෙමහල් ගොඩනැගිල්ල සඳහා වැය කිරිමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 1530 කි.

මෙයට සමගාමීව මහියංගණය, රිදීමාලියද්ද සහ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි නිලධාරී හමුව සහ ක්ෂේත්‍ර නිලධාරින් සඳහා රාජකාරි ගමන් මලු ප්‍රදානයද මෙදින සිදු වූ අතර මීගහකිවුල සහ හිඟුරුගමුව නිල සෙවණ කාර්යාල ද ජනතා අයිතියට පත් කිරීම ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගේ සුරතින් සිදු විය.

මෙම එක් නිල සෙවණ කාර්යාලයක් සඳහා රජය වෙන් කරන ලද මුදල රුපියල් ලක්ෂ 20 කි.
මෙම අවස්ථාව සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු සහ පළාත් සභා මැති ඇමතිවරු සහ රාජ්‍ය නිලධාරීහු සහභාගී වූහ.

 

Badulla01  Badulla02

Badulla03  Badulla04

Badulla05  Badulla06

Badulla07  Badulla08

Badulla09  Badulla10

Badulla11  Badulla12

ග්‍රාම නිලධාරිවරුන් 1650 දෙනෙකු සඳහා පත්විම් ලිපි ප්‍රදානය කිරීම ජුනි මස 01 වැනි දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පත්වීම් ලිපි ප්‍රදානෝත්සවයට ගරු ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා හා ස්වදේශ කටයුතු ලේකම් එස්.ටී. කොඩිකාර මැතිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ.

 

 

 

 

 

gn appointment 05  gn appointment 04

gn appointment 11  

  gn appointment 06

  

  

  

මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකළ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර මැතිතුමාගේ සුරතින් සිදුකෙරුණු අතර එම අවස්ථාව සඳහා හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා ද පැමිණ සිටියේය. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ 450ක් වියදම්කර මෙම නව තෙමහල් ගොඩනැගිල්ල ඉදිකරන ලදී.

මෙම උත්සවය සඳහා මැතිඇමැතිවරු විශාල පිරිසක් ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ එස්.ටී.කොඩිකාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් ද සහභාගී වූහ. 

 

Doluwa02  Doluwa01

  Doluwa03  Doluwa04

  Doluwa05

FaLang translation system by Faboba