ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබිම, සොරණතොට සහ බදුල්ල ප්‍රාදේශිය ලේකම් නිල නිවස සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල නිවාස සංකීර්ණය විවෘත කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2018 මැයි මස 14 වන සඳුදා දින සිදු කෙරුණි.

මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව දෙමහල් ගොඩනැගිල්ල සඳහා වැය කිරිමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 1530 කි.

මෙයට සමගාමීව මහියංගණය, රිදීමාලියද්ද සහ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි නිලධාරී හමුව සහ ක්ෂේත්‍ර නිලධාරින් සඳහා රාජකාරි ගමන් මලු ප්‍රදානයද මෙදින සිදු වූ අතර මීගහකිවුල සහ හිඟුරුගමුව නිල සෙවණ කාර්යාල ද ජනතා අයිතියට පත් කිරීම ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගේ සුරතින් සිදු විය.

මෙම එක් නිල සෙවණ කාර්යාලයක් සඳහා රජය වෙන් කරන ලද මුදල රුපියල් ලක්ෂ 20 කි.
මෙම අවස්ථාව සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු සහ පළාත් සභා මැති ඇමතිවරු සහ රාජ්‍ය නිලධාරීහු සහභාගී වූහ.

 

Badulla01  Badulla02

Badulla03  Badulla04

Badulla05  Badulla06

Badulla07  Badulla08

Badulla09  Badulla10

Badulla11  Badulla12

මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකළ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර මැතිතුමාගේ සුරතින් සිදුකෙරුණු අතර එම අවස්ථාව සඳහා හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා ද පැමිණ සිටියේය. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ 450ක් වියදම්කර මෙම නව තෙමහල් ගොඩනැගිල්ල ඉදිකරන ලදී.

මෙම උත්සවය සඳහා මැතිඇමැතිවරු විශාල පිරිසක් ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ එස්.ටී.කොඩිකාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් ද සහභාගී වූහ. 

 

Doluwa02  Doluwa01

  Doluwa03  Doluwa04

  Doluwa05

Hikkaduwa 01දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පාලනය වඩාත් විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණ ඇතිව සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ගාල්ල දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද නව ගොඩනැගිලි හතරක් ජනතා අයිතියට පත්කිරීම අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2018 මැයි මස 12 වන දින සිදු කෙරුණි.

ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධ මැතිතුමාගේ මෙහෙයවීමෙන් අක්මිමණ, හබරාදුව, හික්කඩුව හා ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙනුවෙන් මෙම ගොඩනැගිලි තුන ඉදිකර ඇත. හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල සිව්මහල් ගොඩනැගිල්ලක් වන අතර අනෙක් ගොඩනැගිලි තෙමහල් ගොඩනැගිලිය.

හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල සිව් මහල් ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 683ක වියදමින් ඉදිකරන ලද අතර, 2016 ඔක්තෝබර් මස 08 දින මුල්ගල තබා ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී. හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකරන ලද ගොඩනැගිල්ල සඳහා රුපියල් ලක්ෂ 480ක් වැය කර ඇති අතර ඒ සඳහා මුල්ගල් තබා ඇත්තේ ද 2016 ඔක්තෝබර් මස 08 වැනි දිනදීය. 2016 සැප්තැම්බර් මස 09 වැනි දින මුල්ගල් තබා ඉදිකිරීම් ආරම්භ කරන ලද අක්මීමණ ප්‍රාදේශීය ලෙකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සඳහා රුපියල් ලක්ෂ 458ක් හා 2017 ජනවාරි මස 09 වැනි දින ඉදිකිරීම් ආරම්භ කළ ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ලක් සඳහා රුපියල් ලක්ෂ 510ක් ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මේ සඳහා ප්‍රතිපාදන යොදවා ඇත. මෙම ගොඩනැගිලි මුල්ගල් තබා වැඩ ආරම්භ කර ඉතා කෙටි කාලයකින් වැඩ අවසන් කිරීමට හැකි විය.

මෙම ගොඩනැගිලිවල විශේෂත්වයක් වන්නේ වාහන නැවැත්වීමේ පහසුකම්වලින් ද අංගසම්පූර්ණ ශ්‍රවණාගාරයක් ද මේ සෑම ගොඩනැගිල්ලක ම ඉදිකර තිබීමයි. ගොඩනැගිලි සහ එහි කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය සියලු උපකරණ ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ලබා දී ඇත.

රුපියල් ලක්ෂ 81 ක් වියදම් කර නවීකරණය කරන ලද රත්නපුර සංචාරක බංගලාව විවෘත කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ සුරතින් සිදුකෙරිණි.

Rathnapura03  Rathnapura04 

 Rathnapura01  Rathnapura02

“නිල මෙහෙවර“ වව්නියාව දිස්ත්‍රික් වැඩසටහන

FaLang translation system by Faboba