ග්‍රාම නිලධාරීන් සම්බන්ධ පැමිණිලි යොමු කිරීම




  1. අදාළ පැමිණිල්ල පැහැදිලිව ඉදිරිපත් කළ යුතුය
  2. පැමිණිල්ලෙහි සඳහන් කරුණු තහවුරු කළ හැකි විය යුතුය (උදා :- ග්‍රාම නිලධාරී විසින් අල්ලස් ලබා ගැනීමක් හෝ අල්ලස් ලබාදීමක් පිළිබඳව පැමිණිල්ලේ සඳහන් කරන්නේ නම් එම මුදල ලබාදුන් පුද්ගලයා, එම මුදල ලබාගත් පුද්ගලයා සහ මුදල් ප්‍රමාණය කොපමණ ද යන්න පිළිබඳව පැහැදිලිව සටහන් කළ යුතුය)
  3. පැමිණිල්ලෙහි සඳහන් කරුණු සනාථ කිරීම සඳහා සාක්ෂිකරුවන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඔවුන් පිළිබඳ තොරතුරු (නම, දුරකතන අංකය) පැමිණිල්ලෙහි අවසානයේ සඳහන් කළ යුතුය.