විශේෂ නිවේදන

ශිෂ්‍යත්ව

විභාග ප්‍රතිඵල

ස්ථාන මාරු පටිපාටි

reggendep

The Registrar General's Department was formed for registration of Births, Marriages and Deaths of the populace Sri Lankan and legal documents pertaining to properties, with a view to safeguarding their fundamental rights.

This Department was initially established in 1864 for the purpose of registration of land and entrusted with civil registration. ie. registration of births, marriages and deaths in 1867.

Civil registration activities have been decentralized up to the Divisional Secretariat level and accordingly a District Registrar's Division is operating in all 332 Divisional Secretariats.

Land registration process is carried out in district level and 45 Land Registries have been established in the Island for the purpose.

The Registrar General's Department is operating under the Ministry of Home Affairs.

View official website

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයීය ග්‍රාම නිලධාරි පාලන අංශය, රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව ග්‍රාමීය මට්ටමේ පරිපාලන ක්‍රමයක් සහතික කරනු වස්, දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 332 ට අදාල ග්‍රාම නිලධාරි වසම් 14,022 තුල රාජකාරි ඉටුකරන ග්‍රාම නිලධාරීන් සම්බන්ධ සමස්ථ පරිපාලන කටයුතු මෙහෙයවනු ලබයි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යනු ශ්‍රී ලංකාවේ පරිපාලන ඒකක වර්ගයකි. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක එහි උප පරිපාලන ඒකකය ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට බෙදා ඇත. ශ්‍රී ලංකාවේ අතීතයේ පැවති පරිපාලන ඒකක වූ කෝරළේ, රට යන අතීත පරිපාලන ඒකක වර්තමාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට පදනම වී ඇත. තවද අතීතයේ දී පැවති D.R.O. කොට්ඨාසය, ප්‍රාදේශීය ආදායම් නිලධරයා වශයෙන් ද D.R.O., සහකාර දිස්ත්‍රික් ලේකම් ලෙස ද විකාසනය වී ඇත. වර්තමානයේදී මෙම එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් ප්‍රාදේශීය ලේකම්වරයා මඟින් පාලනය වන බව දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් ඇත. එම දිස්ත්‍රික්කවල පරිපාලන ඒකකවල පරිපාලන බලධරයා වන්නේ දිස්ත්‍රික් ලේකම් වන අතර සෑම පරිපාලන දිස්ත්‍රක්කයක්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටත් ඒවා නැවත ග්‍රාම නිලධාරී වසම් වශයෙන් ද බෙදා පරිපාලන කටයුතු විමධ්‍යගත කොට ඇත. ශ්‍රී ලංකාව, ජනරජයට අයත් දේශීය පරිපාලන දිස්ත්‍රික්ක විසි පහෙන් ද දේශීය ජලතීරයෙන්ද සමන්විත වන්නේය. පරිපාලන දිස්ත්‍රික්ක 25 හි නම් පළමුවන උපලේඛනයෙහි දැක්වෙන්නේය, එසේ වුව ද පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයක් මඟින් තීරණය කරනු ලබන පරිදි, ඒ පරිපාලන දිස්ත්‍රික්ක ඒවාට වෙනස් වූ පරිපාලන දිස්ත්‍රික්ක සංයුක්ත වන පරිදි නැවත බෙදීම හෝ ඒකාබද්ධ කිරීම හෝ කරනු ලැබිය හැක්කේය.