- ආයතනික තොරතුරු
- සංවිධාන තොරතුරු
- මෙහෙයුම් තොරතුරු
- තීරණ සහ පනත්
- රාජ්‍ය සේවා තොරතුරු
- අයවැය තොරතුරු
- විවෘත රැස්වීම් තොරතුරු
- තීරණ ගැනීම සහ මහජන සහභාගිත්වය
- සහනාධාර පිළිබඳ තොරතුරු
- මහජන ප්‍රසම්පාදන තොරතුරු
- ලැයිස්තු, ලේඛන සහ දත්ත සමුදාය
- Information About Information Held
- ප්‍රකාශන පිළිබඳ තොරතුරු
- තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ තොරතුරු
- වෙනත් තොරතුරු
නවතම චක්‍රලේඛ
විශේෂ නිවේදන
ශිෂ්‍යත්ව
විභාග ප්‍රතිඵල
ස්ථාන මාරු පටිපාටි
නවතම පුවත්
සංචාරක බංගලා
වව්නියාව නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව වව්නියාව ප්‍රදේශයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනයසංචාරක නිවාස භාරකරු, |
![]() |
| කාමර අංක | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| පහසුකම් | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය කළ | වායු සමීකරණය කළ | වායු සමීකරණය කළ | වායු සමීකරණය කළ | වායු සමීකරණය කළ | වායු සමීකරණය කළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | රු. 720 | රු.720 | රු.720 | රු.720 | රු.720 | රු.720 | රු. 1080 | රු.1080 | රු.1080 | රු.1080 | රු.1080 | රු.1080 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| වවුනියාව පුරාවිද්‍යා කෞතුකාගාරය | මී. 700 | ![]() |
| කන්දසාමි කෝවිල | කි.මී. 1.3 | ![]() |
| මඩු කන්ද | කි.මී. 4.5 | ![]() |
| නන්දිමිත්‍රගම | කි.මී. 19.4 | ![]() |
| ඉසින්බැස්සගල | කි.මී. 23.3 | ![]() |
| කලුදිය පොකුණ | කි.මී. 49 | ![]() |
පුත්තලම නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව පුත්තලම ප්‍රදේශයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනයසංචාරක නිවාස භාරකරු, |
![]() |
| කාමර අංක | 1 | 2 | 3 | 4 | 5 |
| පහසුකම් | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 3 | 3 | 4 | 4 | 4 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | රු. 720 | රු. 720 | රු. 960 | රු. 960 | රු.960 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| නොරොච්චෝලේ බලාගාරය | කි.මී. 15 | ![]() |
| ලුනු ලේවාය | කි.මී. 5 | ![]() |
| සිමෙන්ති සංස්ථාව | කි.මී. 10 | ![]() |
| තලවිල පල්ලිය | කි.මී. 30 | ![]() |
| කල්පිටිය බලකොටුව | කි.මී. 50 | ![]() |
| බත්තලංගුණ්ඩුව දූපත් | කි.මී. 65+ | ![]() |
| කන්දකුලිය ඩොල්ෆින් සවාරිය | කි.මී. 45 | ![]() |
| පුත්කවි කලපුව | කි.මී. 14 | ![]() |
| ගඟේ වාඩි දූපත් | කි.මී. 30 | ![]() |
| මී ඔය | කි.මී. 12 | ![]() |
නව සංචාරක බංගලා මාර්ගගතව වෙන්කරවා ගැනීමේ පද්ධතිය සඳහා පිවිසෙන්න..
☛ සංචාරක බංගලා වෙන් කර ගන්නා ආකාරය
- මෙම සංචාරක බංගලාව වෙන්කිරීමේ වරප්‍රසාදය හිමිව ඇත්තේ රාජ්‍ය අංශයේ හා විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ට, ආරක්ෂක අංශයේ නිලධාරීන්ට (ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක) පමණක් බව කාරුණිකව සලකන්න.
- ඔබට සංචාර බංගලා වෙන් කර ගැනීමට හැකි වන්නේ ඔබ අයදුම්කරන දින සිට දින 30ක් ඉදිරියෙන් ඇති (මාසයක් ඉදිරියෙන්) දිනක් සඳහා වේ.
- විමසීම් දුරකතන අංක - 0112 050 332
☛ සංචාරක බංගලා භාවිතයේදී පිළිපැදිය යුතු කොන්දේසි
සංචාරක බංගලාවේ නවාතැන් ගනු ලබන ඔබ පහත සඳහන් කරුණු පිළිබඳව ප්‍රමුඛතාවයක්, සැලකිල්ලක් දක්වනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.
- අයදුම්කරු සංචාරක නිවාසයේ අනිවාර්‍යයෙන් නවාතැන් ගැනීම සිදුකළ යුතු අතර සංචාරක නිවාසයේ නවාතැන් ගැනීමේදී රාජකාරී හැදුනුම්පත, අමාත්‍යාංශයෙන්/ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් අනුමත කරන ලද අයදුම් පතේ පිටපතක් හා මුදල් ගෙවන ලද කුවිතාන්සියේ මුල් පිටපත බංගලා භාරකරු වෙත අනිවාර්‍යයෙන් ඉදිරිපත් කළ යුතුය. අයදුම්පතෙහි සදහන් නොමැති පුද්ගලයන් සදහා නවාතැන් පහසුකම් නොසපයන ලෙස සංචාරක නිවාස භාරකරුවන් දැනුවත් කර ඇති බැවින් අයදුම්පතෙහි නම සදහන්ව නොමැති කිසිදු පුද්ගලයකු සංචාරක නිවාසයේ නවාතැන් ගැනීමට රැගෙන නොයා යුතුය. - සැ.යු - අයදුම්කරු නොමැතිව නවාතැන් ගැනීම සදහා පැමිණෙන පිරිස ආපසු හරවා යැවීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න.
- මෙම අමාත්‍යාංශයේ රාජකාරි අවශ්‍යතාවයකදී කෙටි දැනුම්දීමකින් මෙම වෙන් කිරීම අවලංගු කිරීමේ පදනම මත සංචාරක බංගලාව වෙන්කරනු ලැබේ. එවැනි අවස්ථාවක දී ගෙවන ලද මුදල ආපසු ගෙවනු ලැබේ.
- අයදුම්කරුගේ හේතුවක් මත වෙන්කරගත් සංචාරක බංගලාවක් භාවිතා කිරීමට නොහැකිවීම මත ඒ වෙනුවෙන් ගෙවන ලද මුදල් ආපසු ගෙවීමක් හෝ වෙනත් දිනයක් ලබාදීම සිදුකරනු නොලැබේ.
- වෙන්කරගත් අයදුම් පත්‍රය කිසිදු හේතුවක් නිසා හෝ වෙනත් අයදුම්කරුවෙකු වෙත පැවරීමට ඉඩ දෙනු නොලැබේ.
- නවාතැන් ගන්නා අයගේ අනන්‍යතාවය පිළිබඳව අයදුම්කරු සෑහීමකට පත්විය යුතු අතර, නවාතැන් ගන්නා කාල වකවානුව තුළදී ඒ සම්බන්ධයෙන් වන සියලු වගකීම් අයදුම්කරු විසින් දැරිය යුතුය.
- ඇඳ ඇතිරිලි, තුවා, කොට්ට උර හා ආහාර පාන සඳහා සංචාරක නිවාස භාරකරු වෙත ගෙවීම් කළ යුතුය. ආහාර පාන ලබා ගැනීමේදී සංචාරක නිවාස භාරකරු වෙතින් මෙනු පත විමසිය යුතු අතර ඒ අනුව අදාල මුදල් ගෙවිය යුතුය. සංචාරක නිවාසය තුලදී ගෙවන සෑම ගෙවීමකටම විධිමත් රිසිට් පතක් ලබා ගත යුතු වේ.
- සංචාරක නිවාසයේ ගත කරන කාලය තුළ එහි අභ්‍යන්තර හෝ බාහිර කිසිවකට අලාභ හානි නොකළ යුතුයි. එවැනි අලාභ හානියක් සිදුවුවහොත් එය යථා තත්වයට පත් කිරීමට වන සියළු වියදම් ඔබ විසින් දැරිය යුතුය.
- මෙම බංගලාවේ උත්සව හෝ සම්භාෂණ පැවැත්වීම හා මත්පැන්,දුම්වැටි භාවිතා කිරීම සම්පුර්ණයෙන්ම තහනම් වේ.
- ඔබ සංචාරක නිවාසයේ ගත කරන කාලය තුළ කරන ලද ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔබට විරුද්ධව යම් පැමිණිල්ලක් ලැබුණහොත් ඉදිරියේදී මෙම අමාත්‍යාංශයේ සංචාරක නිවාස වෙන් කිරීම පිළිබඳ ඔබේ හා පවුලේ අයගේ අයදුම්පත් සලකා බලනු නොලැබේ.
☛ සංචාරක බංගලා වෙන් කර ගැනීමේ අයදුම්පත
- සංචාරක බංගලා වෙන් කර ගැනීමේ අයදුම්පත
අයදුම්පත බාගත කරගන්න
☛ බංගලා භාරකරුගෙන් ලබා ගත හැකි සේවා පහසුකම්
ඇඳ ඇතිරිලි තුවා ආදිය සඳහා මිල ගණන් (වෙනස් වීමට ඉඩ ඇත)
| කුඩා ඇඳ ඇතිරිලි | *** |
| ද්විත්ව ඇඳ ඇතිරිලි | *** |
| කොට්ට උර | *** |
| පොරවන | *** |
| තුවා | *** |
නිවේදනය:- අදාළ රෙදිපිළි ඉතා යහපත් හා පිරිසිඳු මට්ටමෙන් ලබා දීමට බංගලා භාරකරු බැඳී සිටී. ඒවා භාවිතා කළ නොහැකි අපිරිසිඳු මට්ටමින් පවතී නම් ඒ බව භාවිතා කිරීමට ප්‍රථම බංගලා භාරකරුට දැන්වීම හා යහපත් ඒවා ලබා ගැනීම ඔබගේ ද වගකිමකි.
ඔබ හා ඔබගේ කණ්ඩායම බංගලා භාරකරුගෙන් ආහාර පාන මිල දි ගන්නේ නම්, ඔහුගේ ආහාර පාන වට්ටෝරුවෙන් අදාළ ආහාර පාන අවශ්‍යතාවයට පැය 3කට කලින්වත් ඇණවුම්කර ලබාගත යුතු වේ. අදාළ බංගලාවලින් ලබාගත හැකි ආහාර පාන විස්තරයක් පහත දැක්වේ. මෙය සාමාන්‍ය ආහාර පාන වට්ටෝරුවක් වන අතර වෙළඳපොළ පවතින පහසුකම් යටතේ ලබා ගත හැකි ආහාර හා මිල ගණන් වෙනස් විය හැක. ඔබගේ අවශ්‍යතාවය පරිදි බංගලා භාරකරු මඟින් ආහාර සකස් කර ගත හැකි අතර මිල ගණන් කලින් සාකච්ඡා කර ගැනීම යෝග්‍ය වේ.
ආහාර පාන සකස් කර ගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සපයා දීමෙන් හා ඒ සඳහා යන වියදම් ගෙවීමෙන් ද ඔබගේ ආහාර පාන අවශ්‍යතාවය ඉටු කර ගත හැක.
| ආහාර වේල | සැපයිය හැකි සාමාන්‍ය ආහාර වර්ග | එක් පුද්ගලයෙකු සඳහා මිල (රු) |
| උදෑසන ආහාර |
|
|
| දිවා / රාත්‍රී ආහාර |
|
|
| රාත්‍රී ආහාරය |
|
|
| තේ |
|
|
|
අතුරුපස (පාලන මිල/ ලකුණු කළ මිල ) |
|
|
- සංචාරක බංගලාවෙන් ආහාර ලබා ගන්නේ නම් සංචාරක බංගලාවට යාමට පෙර සංචාරක බංගලා භාරකරුට දැනුම් දිය යුතුය.
- වෙනත් අමතර ආහාර වර්ග ඇනවුම් කරන්නේ නම් ඒ සඳහා අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවනු ඇත.
ස්වදේශ කටයුතු අංශය සතු සංචාරක බංගලා
නවතම පුවත්
- 78 වන ජාතික නිදහස් දින සැමරුම (2026.02.04)
- රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ස්වදේශ කටයුතු අංශය සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන් 2026 වර්ෂයේ රාජකාරී ආරම්භ කළ අවස්ථාව
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පවතින සංචාරක බංගලා හා නිවාඩු නිකේතන වෙන් කර ගැනීමේ මාර්ගගත ක්‍රමය ඇරඹේ
- විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහන
- රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීමට රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සන (Digital Signature) හඳුන්වාදේ. (2025.09.15)



























