රාජ්‍ය ලාංඡනය
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ 1972 දී ශ්‍රී ලංකාව නමින් ජනරජයක් බිහවීම සමග වේ. එවකට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් හා රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කළ ආචාර්ය නිශ්ශංක විජයරත්න මැතිතුමාගේ මග පෙන්වීම හා උපදෙස් මත නිර්මාණය කලාශූරී මාපලගම විපුලසාර හිමියන්ගේ ය.
රාජ්‍ය ලාංඡනයේ ඇතුළත් සිංහයා තුළින් නිර්භීතකම ද, රතු පැහැති පසුබිම වටකර ඇති මල් පෙති ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල පිළිඹිඹු කරනු ලබයි. පුන්කලසින් සමෘද්ධිය ද, ඉර සහ හඳ තුළින් චිර ජීවනය, ධාන්‍යකරල් තුළින් සශ්‍රීකත්වය ද, ධර්ම චක්‍රය තුළින් ධාර්මිකභාවය සහ සාධාරණත්වය ද, නෙළුම් පෙති තුළින් පිවිතුරුබව හා උතුම්බව සංකේතවත් කරනු ලබයි.
(Source : Wikipedia)