2020 වසරේ දිවයිනේ අති විශිෂ්ඨතම රාජ්‍ය නිලධාරියා තේරීමේ තරඟයේ කුටප්‍රාප්තිය සනිටුහන් කරමින්, ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම්, හිමාලි රත්නවීර මහත්මිය එම කිරුළ දිනාගැනීමට සමත් වුවාය. එම තරඟය සඳහා තරඟ කළ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් වූයේ සමුපකාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය, අඩවි වන සහකාර චමින්ද අත්තනායක මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්. මුණසිංහ මහතා සහ යාපනය ප්‍රාදේශීය ලේකම් එස්. සුදර්ශන් මහතා යන මහත්ම මහත්මීන්ය. සිය රාජකාරියෙන් ඔබ්බට ගොස් අවංකත්වයෙන් යුතුව ජනතාවට සේවය සලසන අවංක රාජ්‍ය නිලධාරින් හට “කීර්තිය හා ප්‍රණාමය” පුද කරනු වස් “සුපිළිපන් ප්‍රණාම 2020” ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් සංවිධානය කොට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වනු ලැබිය. 2020 වසරේ ජුනි මස සිට අගෝස්තු මස දක්වා වූ නාම යෝජනා බාරදීමේ කාල පරිච්ඡේදය තුළ සුපිළිපන් ප්‍රණාම 2020 වැඩසටහන සඳහා දිස්ත්‍රික්ක 25 ම නියෝජනය වන පරිදි සියයකට අධික නාම යෝජනා ප්‍රමාණයක් ලැබී තිබුණි. මෙම නාමයෝජනා සියල්ල පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් මඟින් ඉතාමත් අපක්ෂපාතී විනිශ්චයකට ලක් කෙරුණු අතර ඉන් අනතුරුව පැවති සම්මුඛ පරීක්ෂණයකින්, අවසන් ජයග්‍රාහකයින් පස්දෙනා තෝරා ගන්නා ලදී.

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

නවතම පුවත්