නිරෝධාන ඇඳිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ පුද්ගලයින් සඳහා රජය ලබාදෙන රුපියල් 2000 දීමනාව අද (30) වනවිට පවුල් 727,339 ක් සඳහා ගෙවීම් සිදුකර අවසන් බව වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.

ජීවනෝපාය අහිමි වූවන් සඳහා රු 2000 දීමනාව ගෙවීමේ ප්‍රගතිය පිළිබඳව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා සමඟ අද අමාත්‍යය චමල් රාජපක්ෂ මහතා zoom තාක්ෂණය ඔස්සේ සොයා බැලීමක් කළේය.

 

එහිදී අමාත්‍යවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇත්තේ ඉතා කඩිනමින් මෙම දීමනාව අදාල පවුල් වෙත ලබාදී අවසන් කරන ලෙසයි.

වර්තමාන කොවිඩ් 19 වසංගතය මැද්දේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් සිදු කරන රාජකාරි සහ කැපවීම මෙහිදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇගයීමට ලක් කළේය.

නවතම පුවත්