"ගොඩනඟමු ශ්‍රී ලංකා" යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දිනය 2026 පෙබරවාරි මස 04 දින කොළඹ නිදහස් චතුරස්‍රයේදී උත්කර්ෂවත් ලෙස සැමරිණි. සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා මෙහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය.













