නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ් නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කිරිම 2023.05.29 දින අමාත්‍ය ජිවන් තොන්ඩමන් මහතගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

නව සිමා නිර්ණයට අනුව අඹගමුව කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසට අයත්ව තිබු ග්‍රාම සේවා වසම් 67 න් වසම් 30 ක් වෙන්කර නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සකසා තිබේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාඩි රාමේෂ්වරන් මහතා, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් වන ආනන්ද වන්නිනායක, කේ . ජී ධර්මතිලක , නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටිහ.

 

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

ඩිජිටල් උප්පැන්න සහතික නුදුරේදීම නිකුත් කිරීමට නියමිතයි - ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා.

ඩිජිටල් උප්පැන්න සහතිකය ඉතා ඉක්මනින් නිකුත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව පුත්තලම දිස්ත්‍රික්කයේ උප්පැන්න, මරණ , විවාහ සහතික නොමැති පුද්ගලයින්ට අදාල සහතික නිකුත් කිරීමේ ජංගම සේවාව 2023.05.27 දින නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ආරම්භ කිරීමේ අවස්ථාව එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය.

තාක්ෂණ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව මෙම ඩිජිටල් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිත අතර විවාහ සහ මරණ සහතික ද ඩිජිටල් කිරීමටද නියමිතව ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

අලුත් ගමක් - අලුත් රටක් ජාතික වැඩසටහනට සමගාමීව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව උප්පැන්න, මරණ සහ විවාහ සහතික නොමැති පුද්ගලයින්ට අදාල සහතික නිකුත් කිරීමේ ජංගම සේවාව දිවයින පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්‍රියාත්මකයි.

ජංගම සේවාව තුළින් මෙම සහතික නිකුත් කිරීම දී කිසිදු මුදලක් අය නොකෙරේ.

දීර්ඝ කාලයක් නිත්‍යානුකුල විවාහ නොවී එකට ජීවත් වූ පවුල් හතරක් නීත්‍යානුකූල විවාහ දිවියට ඇතුළත් කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආනන්ද වන්නිනායක, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්. එස්. පී හේරත්, රෙජිස්ට්‍රාර් ජෙනරාල් සමන්ත විජසිංහ, නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ, මහවැව වැඩ බලන ප්‍රාදේශීය ලේකම් නාදිජා හේරත් යන මහත්ම මහත්මීන් ඉදිරියේ සිදුවිය.

මීට අමතරව අද පැවැති ජංගම සේවාව තුළින් උප්පැන්න , විවාහ සහ මරණ සහතික 500 ට ආසන්න ප්‍රමාණයක් නිකුත් කරන ලදී. [මාධ්‍ය ඒකකය]

1   1

1   

1   1

1   1

1998 දෙසැම්බර් 02 වන දින ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතිවු ලැව් ගින්නක් මැඩ පැවැත්වීමට ගිය ගිනි නිවිමේ භටයන් 05 දෙනෙක් ගින්නට හසුවිමෙන් මිය ගියහ. ඔවුන් සිහිගැන්විම පිණිස 1999 වර්ෂයේ මැයි 04 වන දිනය, ලෝක ගිනි නිවිමේ භට දිනය ලෙස නම් කෙරිණි. ඉන් පසු සෑම වසරකම මැයි 04 වන දින ලෝක ගිනි භට දිනය ලෝවාසින් සමරස ලදි. ලංකාවේ ප්‍රථම වතාවට ලෝක ගිනි නිවීමේ දිනය සැමරුම 2023.05.14 දින පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේදි උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්විණ .

මෙහිදී ශ්‍රී ලංකා ගිනි නිවීමේ ඒකකය වෙනුවෙන් නව වේබ් අඩවියක් ආරම්භ කිරීම ද මෙහිදී සිදු විය

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක , බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි, කොළඹ මහ නගර සභාවේ ගිනි නිවිම් හමුදා ඒකකයේ ප්‍රධානි පී.ඩී.කේ. ඒ.විල්සන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියේය.

 

1    1

1  

1  1

මෙම අවස්ථාව සඳහා ගරු අග්‍රාමාත්‍ය , රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙන්ම ගරු ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, ගරු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර යන මහත්වරු සහ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියේය.

 

1 2

3