පුවත්
පුවත්
රාජ්‍ය ආයතන වල කොඩිය අඩකුඹු කිරීම
බාගත කරන්න
* 2023 වර්ෂයේ ආහාර නිෂ්පාදනයේන් ස්වයංපෝෂණය කිරීම රජයේ ඉලක්කයයි.
* මත් උවදුරෙන් දරුවා මෙන්ම වැඩිහිටියාද බේරා ගැනීම සියලු දෙනාගේම වගකීමක්.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුවේදී කියයි.
2023 වර්ෂය ආහාර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම රජය ගෙන ඇති ඉලක්කය ජය ගැනීමට සියලු දෙනා සහාය ලබා දිය යුතු බව අග්‍රාමාත්‍ය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී 2022.12.22 (අද) දින පැවැති දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව අමතමි .
ජාතික ආහාර සුරක්ෂිතාව වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්ක තුළ ආරම්භ කර ඇති ආහාර නිෂ්පාදන කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් දෙන ලදී.
ධීවර කර්මාන්තය සුරැකීමෙන් ජාතික ආහාර සුරක්ෂිත භාවයට පිටුවහලක්.
දිස්ත්‍රික්කයන් තුළ කරදිය හා මිරිදිය ධීවර කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
මත් උවදුරෙන් දරුවන් මෙන්ම වැඩිහිටියන් ද මුදවා ගැනීමට සියලු දෙනා කැපවිය යුතුයි. ඒ වෙනුවෙන් ආරක්ෂක අංශ වෙත සියලු දෙනා සහාය දිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
මෙම රැස්වීමේදී ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ බිත්තර කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරිකයින් මෙන්ම පාරිභෝගිකයා රැකගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි. රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ මිරිදිය මසුන් නිෂ්පාදනය වැඩි කිරීම මාළු මිල පාලනයට රුකුලක් වන බවයි.
මෙවර දිස්ත්‍රික් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමුළුව සඳහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද , ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක , රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් කේ.ඩී. එන් රංජිත් අශෝක , ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන කේ. ජී ධර්මතිලක, ප්‍රභාත් අබේවර්ධන , ආනන්ද වන්නිනායක, වරුණ ශ්‍රී ධනපාල, ධම්මික මුතුගල යන මහත්ම මහත්මීන් සහ අමාත්‍යාංශ කිහිපයක රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියේය.
ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනේහි කෑගල්ල දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම 2022.12.17 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සහ දිස්ත්‍රික්කේ මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් නගරසභා ශාලාවේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව , රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත්, තාරක බාලසූරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිකා වික්‍රමසිංහ, සුදත් මංජුල උදයකාන්ත ගුණතිලක යන මහත්ම මහත්මීන් මෙන්ම පළාත් පාලන ආයතන වල ප්‍රධානීන් සහ ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයින් ද රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ , සබරගමු පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත් , කෑගල්ල දිසාපති මහින්ද එස් වීරසූරිය මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියේය .
ජාතික ආහාර සුරක්ෂිතා වැඩ සටහනේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම අග්‍රාමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් 2022.12.16 දින හෝල්දී ගෝල් ශාලාවේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ,
වැවිලි හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර , ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත , කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා , ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සම්පත් අතුකෝරාල , ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ , පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන , රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ , දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියේය.
තොරතුරු තාක්ෂණ කර්මාන්ත ක්ෂේත්රයේ රැකියා අවස්ථාවන් සදහා රාජ්‍ය අංශයේ සේවකයන් සුදානම් කිරීම සදහා "Refresher Bootcamp" ප්‍රථම පුහුණු වැඩසටහන ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සහ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ දී (අද) 2022.12.06 දින පැවැත්විණි.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සහ තාක්ෂණ අමාත්‍යංශය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ වෘත්තීයමය සංවිධාන සහ
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය මෙම වැඩසටහනට පූර්ණ සහාය ලබාදෙයි.
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 14/ 2022 හි ප්‍රතිපාදන අනුව, සියලුම රාජ්‍ය අංශයේ සේවකයින්ට රාජ්‍ය අංශයෙන් බැහැරව සේවය කිරීම සඳහා (මෙරට හෝ විදේශීය) වසර පහක් (05ක්) දක්වා වූ නිවාඩු ලබා ගැනීමේ චක්‍රලේඛය ද වර්තමානයේ ක්‍රියාත්මක වේ.
එම චක්‍රලේඛය පරිදි රැකියා අවස්ථා සඳහා තාවකාලික නිවාඩු අපේක්ෂා කරනු ලබන රාජ්‍ය අංශයේ රැකියාවන්හි නියුතු තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් සඳහා මෙම වැඩසටහන හඳුන්වා දී ඇත.
මෙම සමාරම්භක සැසිය හා දැනුවත් කිරීමේ වැඩසටහනට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරුණ ශ්‍රී ධනපාල , තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන ආර්ථික නිලධාරී සමීර ජයවර්ධන, CSSL ආයතනයේ සභාපති දමිත් හෙට්ටිහේවා,
SLASS COM ආයතනයේ අධ්‍යක්ෂක අර්ජුන් නානයක්කාර, BCS ආයතනය නියෝජනය කරන මහාචාර්ය ලසිත් ගුණවර්ධන යන මහත්වරුන් මෙන්ම රාජ්‍ය ආයතන කිහිපයක රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියේය.
නවතම පුවත්
- රටේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති වල යෝග්‍යතාවය පිළිබඳ රජයේ නිලධාරීන් වගකිව යුතුයි.
- ආකල්ප සංවර්ධන වැඩසටහන - කැලණි විශ්ව විද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතා විසින්.
- 76 වන ජාතික නිදහස් උත්සවය අභිමානවත් අයුරින් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
- 2024 වසරේ රාජ්‍ය සේවයේ රාජකාරී කටයුතු ඇරඹීම
- වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පස් මහල් ගොඩනැගිල්ල ගරු අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.12.17 දින විවෘත කරන ලදී.