දිස්ත්‍රික් ලේකම් සමුළුව ස්වදේශ කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රය වන නිල මැදුරේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

මෙහිදී අදහස් දක්වමින් ස්වදේශ කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසුවේ වර්තමානයට ගැළපෙන නව පරිපාලන ක්‍රමවේදයක් ඇති කළ යුතු බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා “වර්තමාන සංවර්ධන ක්‍රියාවලියට ගැළපෙන ආකාරයේ පරිපාලන ව්‍යුහයක් ඇති කළ යුතුයි. මහජනතාවගේ ගැටලු ඉතා කඩිනමින් විසඳීමට දිස්ත්‍රික් ලේකම්වරු සෘජුව මැදිහත් විය යුතු“ බවත් පැවසීය.

 

කැලෑ කැපීම් සම්බන්ධව සමාජයේ පවතින බරපතළ චෝදනා පිළිබඳ සොයා බැලීම හා එවැනි වන විනාශ සිදුවන්නේද යන්න දිසාපතිවරුන් විසින් සොයා බැලිය යුතු බවත්, තම බල ප්‍රදේශයේවල වන විනාශයන් සිදු වනවා ද යන්න ග්‍රාම නිලධාරීවරුන්ගෙන් වාර්තා කැඳවා එසේ සිදුවී ඇත්නම් ඊට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දෙනු ලැබීය.

මසකට වරක් පැවැත්වෙන මෙම දිස්ත්‍රික් සමුළුව සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද , අතිරේක ලේකම් (පාලන) කේ.ජී. විජේසිරි, අතිරේක ලේකම් (ස්වදේශ කටයුතු) කේ.ජී. ධර්මතිලක යන මහත්වරු සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.

 

20 20

20 20

20 20

20 20

20 20

20 20

20 20