නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ පුද්ගලයින්ට රජයෙන් ලබාදෙන රුපියල් 2,000 දීමනාව සඳහා සුදුසුකම් ලබා මෙතෙක් එම දීමනාව නොලැබුණු, පුද්ගලයින් ඇත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත අභියාචන ඉදිරිපත් කළ හැකි බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද පැවසුවේ එම අභියාචන තමන් පදිංචි ප්‍රදේශයේ භාර ග්‍රාම නිලධාරිවරයා හරහා ඉතා කඩිනමින් ඉදිරිපත් කළ යුතු බවයි.

 

සුදුසුකම්ලත් පවුල් ලාභීන්ගෙන් සියයට 50 කට පමණ මේවනවිටත් රුපියල් 2,000 දීමනාව ලබාදී අවසන්.

මෙම දිමනාව හිමි වන්නේ රට වසා දැමීම හේතුවෙන් ආදායම් මාර්ග අහිමි වූ සහ රජයෙන් ලබාදෙන කිසිදු දීමනාවක් හිමි නොවන පවුල් සඳහායි. එවැනි පවුල් දිවයින පුරා ලක්ෂ 18 කට ආසන ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර එම පවුල් සඳහා මෙලෙස රුපියල් 2000 දීමනාව දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ගෙවීම් සිදු කෙරේ.