ග්‍රාම නිලධාරී III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා 2016.09.03 දින පැවැති තරඟ විභාගයේ ප්‍රතිපල මත සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 2018.06.04 දින සිට 2018.09.04 දින දක්වා පැවැති නවක ග්‍රාම නිලධාරී පුහුණු පාඨමාලාවට කැඳවූ අතර, ඊට සහභාගී වූ පහත ඇමුණුමෙහි සඳහන් අයදුම්කරුවන් වෙනත් රැකියාවන් ලැබීම මත පුහුණූවෙන් ඉවත් වූ බව අදාල දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් දන්වා ඇත.

එම පුහුණුකරුවන් ඉවත්වීම මත අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විභාග ප්‍රතිපල ලේඛනයේ ඊළඟට වැඩිම ලකුණූ ලබා අයදුම්කරුවන් ග්‍රාම නිලධාරී දෙවන වර බඳවා ගැනීමේ පුහුණු පාඨමාලාවට කැඳවීමට සුදුසුකම් ලබා ඇත. එම සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ගේ නාමලේඛණය පහත ඇමුණුමෙහි දක්වා ඇත.