ශිෂ්‍යත්ව

විභාග ප්‍රතිඵල

reggendepශ්‍රී ලංකා ජනතාව‍ගේ මුලික අයිතීන් රැකගැනීම සඳහා ඔවුන්ගේ‍ උපත්‍, විවාහ මරණ ලේඛනගත කිරීම සඳහා, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පිහිටුවා ඇත‍.

ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යය සඳහා 1864 දී මෙම දෙපාර්තමේන්තුව පිහිටුවන ලද අතර, 1867 දී උපත්, විවාහ හා මරණ ලියාපදිංචි කිරීමේ කටයුතුද එයට පවරන ලදී.

උපත්, විවාහ හා මරණ ලියාපදිංචි කිරීමේ කටයුතු ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කර ඇති අතර සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ඒ අනුව දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය බැගින් පිහිටුවා ඇත.

ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යය දිස්ත්‍රික් මටිටමින් සිදු කරන අතර ඒ සඳහා දිවයිනේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල 45 ක් පිහිටුවා ඇත‍.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ.

නිල වෙබ් අඩවියට පිවිසෙන්න