ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් ඇත. එම දිස්ත්‍රික්කවල පරිපාලන ඒකකවල පරිපාලන බලධරයා වන්නේ දිස්ත්‍රික් ලේකම් වන අතර සෑම පරිපාලන දිස්ත්‍රක්කයක්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටත් ඒවා නැවත ග්‍රාම නිලධාරී වසම් වශයෙන් ද බෙදා පරිපාලන කටයුතු විමධ්‍යගත කොට ඇත. ශ්‍රී ලංකාව, ජනරජයට අයත් දේශීය පරිපාලන දිස්ත්‍රික්ක විසි පහෙන් ද දේශීය ජලතීරයෙන්ද සමන්විත වන්නේය. පරිපාලන දිස්ත්‍රික්ක 25 හි නම් පළමුවන උපලේඛනයෙහි දැක්වෙන්නේය, එසේ වුව ද පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයක් මඟින් තීරණය කරනු ලබන පරිදි, ඒ පරිපාලන දිස්ත්‍රික්ක ඒවාට වෙනස් වූ පරිපාලන දිස්ත්‍රික්ක සංයුක්ත වන පරිදි නැවත බෙදීම හෝ ඒකාබද්ධ කිරීම හෝ කරනු ලැබිය හැක්කේය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිල වෙබ් බිහිදොරට පිවිසීමට