පුවත්
පුවත්
ජාතික නිදහස් උත්සවය අභිමානයෙන් සැමරීමට සියල්ල සූදානම්
සාමාන්‍ය මහජනතාවටත් මෙවර නිදහස් උත්සවය නැරඹීමට විවෘතයි
"ජාතික පුනරුදයට පෙළගැසෙමු"යන තේමාව යටතේ මෙවර 77 වන ජාතික නිදහස් දින සමරු උළෙල ලබන පෙබරවාරි 4 වැනිදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදි පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ නිදහස් දින සැමරුම් උත්සවයේ සූදානම පිළිබඳව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ 2025.01.30 වන දින පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් .
අඩු වියදමින් අභිමානවත් ලෙස මෙවර නිදහස් දින සැමරුන් උත්සවය පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහත වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ප්‍රකාශ කළේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී නිදහස් දින සැමරුම සඳහා යොදා ගන්නා යුද හමුදා නිලධාරීන් ප්‍රමාණය 40%කින් අඩු කර ඇති බවය.
නිදහස් දින සැමරුම් පෙළපාලියේ සංයුතිය යම් වෙනසක් සිදුකර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව මෙවර හමුදා පෙළපාලිය සාමාජිකයින් 1,873කට සීමා වී ඇති අතර, ගිය වසරට සාපේක්ෂව හමුදා සමාජිකයින් 1,511දෙනෙකෙුගේ අඩුවීමක් බව ද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
එමෙන්ම මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ යොදා නොගන්නා බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර නාවික හමුදාව විසින් සාම්ප්‍රදායික වෙඩිමුර 25ක් පැවැත්වීමට නියමිත බවත් පැවසු ආරක්ෂා ලේකම්වරයා ගිය වර භාවිත කළ ගුවන් යානා 19න් මෙවර ගුවන් යානා 3ක් පමණක් නිදහස් දින සැමරුම වෙනුවෙන් යොදාගන්නා බව සඳහන් කළේය.
- ස්වදේශ කටයුතු මාධ්‍ය ඒකකය -
දිස්ත්‍රික් ලේකම් / දිසාපති සමුළුව - 2024
මෙවර දිසාපති සමුළුව පැවැත්වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙනි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ. එච්. එම්. එච්. අබයරත්න, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රී, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර යන මහත්ම මහත්මීන්, දිසාපතිවරු, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අප රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වන ඉ - ජනගහනය ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.12.05 දින කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි .
කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ මෙම ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය ලබා දීමේ වැඩසටහන සෙසු දිස්ත්‍රික්ක සඳහා කඩිනමින් ව්‍යාප්ත කිරීම ආරම්භ කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය.
ආකර්ෂණීය බව, නිවැරදි බව හා පිළිගැනීම වැඩි ආරක්ෂිත උපාංග ඇතුළත් මුද්‍රිත සහතිකයක් ලබාදීම ද අරමුණ කර ගෙන ඉ - ජනගහණ ලේඛන වැඩසටහන ආරම්භ කරන ලදී.
මෙම උප්පැන්න සහතිකයේ දරුවාට ඉදිරියේ දී ලබා දීමට නියමිත ජාතික හැඳුනුම්පත් අංකය “මගේ අංකය” ලෙසින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඇතුළත් කර ඇත. ඒ් අනුව දරුවකුට උපතේදීම අනන්‍යතා අංකයක් ලබා දීමට හැකියාව ලැබෙන අතර ඒ් තුළින් ජනගහණ ලේඛනයක් ගොඩ නැගීමට හැකියාව ලැබේ. ඩිජිටල් තාක්ෂණය සහිත ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙම ජාතික උප්පැන්න සහතිකයට ලබා දෙන අංකය ජාතික හැඳුනුම්පත් අංක බවට පරිවර්තනය වේ.
මෙම උප්පැන්න සහතිකය සිංහල/ඉංග්‍රීසි හෝ දෙමළ/ඉංග්‍රීසි භාෂාවලින් නිකුත් කරනු ලැබේ.
සහතිකයේ ඇතුළත් වන තොරතුරු
- උපන් ස්ථානය පිළිබඳ තොරතුරු
- මගේ අංකය
- සම්පූර්ණ නම ( සිංහල/ ඉංග්‍රීසි හෝ දෙමළ / ඉංග්‍රීසි)
- පියාගේ ජාතික හැඳුනුම්පත් අංකය / නම/ ජාතිය / ජාතිකත්වය
- මවගේ ජාතික හැඳුනුම්පත් අංකය / නම/ ජාතිය / ජාතිකත්වය
මෙම අවස්ථාව සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න,අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක,රෙජිස්ට්‍රාර් ජනරාල් සමන්ත විජයසිංහ,කළුතර දිස්ත්‍රික් ලේකම් ගීනිගේ ප්‍රසන්න,අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් දිපා ලියනගේ, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් චන්දන රණවිර ආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
රටේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති වල යෝග්‍යතාවය පිළිබඳ රජයේ නිලධාරීන් වගකිව යුතුයි.
මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල ජනගත කිරීම අග්‍රාමාත්‍ය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.10.31 දින පැවැත්විණි.
රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, යදාමිණි ගුණවර්ධන, හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම් රංජිත්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, උතුරු පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් ගාමිණී සේනාරත්න යන මහත්වරු මෙන්ම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
නවතම පුවත්
- ජාතික නිදහස් උත්සවය අභිමානයෙන් සැමරීමට සියල්ල සූදානම්, සාමාන්‍ය මහජනතාවටත් මෙවර නිදහස් උත්සවය නැරඹීමට විවෘතයි
- දිස්ත්‍රික් ලේකම් / දිසාපති සමුළුව - 2024
- රටේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති වල යෝග්‍යතාවය පිළිබඳ රජයේ නිලධාරීන් වගකිව යුතුයි.
- ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කෙරේ. (2023.12.05)
- මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල ජනගත කිරීම අග්‍රාමාත්‍ය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.10.31 දින පැවැත්විණි.