- ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි සඳහන් අභිමතාර්ථ සාක්ෂාත් වන සේ මෙරට ප්‍රාදේශීය පරිපාලන ක්‍රියාදාම (දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල) මගින් සිදු කෙරෙන මහජන සේවා සැපයීම් යාන්ත්‍රණය වැඩිදියුණු කිරීම:
- මූලික තොරතුරු, ක්‍රියාවලීන් හා සම්පත් සඵලදායී ලෙස ඒකාබද්ධ කිරීමේ කටයුතුවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් ප්‍රාදේශීය හා දිස්ත්‍රික් පරිපාලනයට අදාල කාර්යයන් සමාලෝචනය කිරීම.
- මහජන හිතකාමී අයුරින් වැඩ පියවර සරල කිරීමේ කටයුතු හා පුරවැසි ප්‍රඥප්ති සමාලෝචනය.
- දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටම්වල ධාරිතා සංවර්ධන හා ආකල්ප ප්‍රවර්ධන කටයුතු සඳහා සහාය ලබා දීම.
- අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හා අංශයන්හි ප්‍රගමණයට අදාල වඩාත් ප්‍රශස්ත සේවා සැපයීමේ හා අභ්‍යන්තර සම්පත් කළමනාකරණ කාර්යයන්ට සහාය වීම පිණිස රාජ්‍ය හා රාජ්‍ය නොවන පාර්ශවකරුවන් සමග සඵලදායී සහයෝගීතා ගොඩනැංවීම.
- ඉ-ග්‍රාම නිලධාරි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- පුරවැසියන්ට හා නිලධාරීන්ට භාවිතා කිරීමට පහසු, විශේෂයෙන් සැලසුම් කරන ලද ගෘහ පාදක දත්ත සමුදායක් මත පදනම් වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පද්ධතියක් (දෘඪාංග, ත්‍රෛභාෂිත මෘදුකාංග හා අන්තර්ජාල සබඳතා ඇතුළත්) මගින් අවශ්‍ය මහජන සේවා සැපයීම හා සෙසු නිල කාර්යයන් ඉටුකිරීම පිණිස 14,022ක් වූ ග්‍රාම නිලධාරී ප්‍රජාව සවිබල ගැන්වීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
- බිම් මට්ටමේ ගෘහ පාදක තොරතුරු අඩංගු රජයේ වඩාත් විශ්වසනීයම තොරතුරු ප්‍රභවය ලෙස මෙම දත්ත සමුදාය කටයුතු කරනු ලබන අතර, අවශ්‍යතා පරිදි එය රජයේ වෙනත් නියාමන හා සංවර්ධන කාර්යයන් වෙනුවෙන් බෙදා හදා ගැනීමට හැකිය.
ප්‍රාදේශීය පරිපාලන ප්‍රතිසංස්කරණ අංශය
ප්‍රාදේශීය පරිපාලන ප්‍රතිසංස්කරණ අංශය
නවතම පුවත්
- ජාතික නිදහස් උත්සවය අභිමානයෙන් සැමරීමට සියල්ල සූදානම්, සාමාන්‍ය මහජනතාවටත් මෙවර නිදහස් උත්සවය නැරඹීමට විවෘතයි
- දිස්ත්‍රික් ලේකම් / දිසාපති සමුළුව - 2024
- රටේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති වල යෝග්‍යතාවය පිළිබඳ රජයේ නිලධාරීන් වගකිව යුතුයි.
- ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කෙරේ. (2023.12.05)
- මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල ජනගත කිරීම අග්‍රාමාත්‍ය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.10.31 දින පැවැත්විණි.