‘ජාතික පුනරුදයට පෙළගැසෙමු’ යන තේමාව යටතේ 77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2025 පෙබරවාරි මස 4 දින උදෑසන කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. එම අවස්ථාව සඳහා භික්‍ෂූන් වහන්සේලා ප්‍රමුඛ ආගමික පූජකවරුන්, ගරු අග්‍රාමාත්‍යතුමිය, රාජ්‍ය තාන්ත්‍රිකයින්, අමාත්‍යවරුන්, හමුදා නිලධාරින්, සිවිල් සම්භාවනීය අමුත්තන් සහ තවත් ආරාධිතයින් රැසක් ද සහභාගි වූහ.