ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රාජ්‍ය ආයතන සියල්ල එක වහලක් යටට...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රාජ්‍ය ආයතන සියල්ල එකම ස්ථානයකට ගෙන ඒමේ අරමුණින් ඉදිකරන ලද මහල් 09කින් සමන්විත පරිපාලන සංකීර්ණය "ලක් සියනෑ මන්දිරය" 2023.06.27 පස්වරු 4.00ට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් සහ ගරු අග්‍රාමාත්‍ය, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත් කිරීම සිදුවිය.

භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 4000ක වියදමින් ඉදිකරන ලද මෙම පරිපාලන සංකීර්ණය වර්ග අඩි 2,25,000කින් සමන්විත වනු ඇත. සියලු පහසුකම් සහිත ආසන 1000කින් සමන්විත ශ්‍රවණාගාරයක් ද ආසන 400කින් සමන්විත අංග සම්පූර්ණ ආපන ශාලාවක් ද මෙයට ඇතුළත් වේ.

මෙම සංකීර්ණයෙහි කටයුතු ආරම්භ කිරීමත් සමග මෙතෙක් කලක් ගම්පහ නගරය ඇතුලු විවිධ ස්ථානවල පවත්වා ගෙන ගිය ප්‍රධාන රාජ්‍ය ආයතන 28ක් මෙම සංකීර්ණය වෙත ගෙන එනු ඇත. මීට අමතරව කච්චේරි පරිශ්‍රයේ පවත්වාගෙන ගිය රාජ්‍ය ආයතන ද මෙම සංකීර්ණය වෙත ගෙන යන බැවින් ඒවාත් ඇතුළත්ව ආයතන 37ක් නව සංකීර්ණයෙහි ස්ථාපිත කරනු ලබයි.

එම ජනතාව වෙනුවෙන් සේවාවන් සැලසීම සඳහා රාජ්‍ය ආයතන සියල්ලෙහි සමස්ත කාර්ය මණ්ඩලය 1162 දෙනෙකු වෙති. මෝටර් රථ 209ක් හා බස් රථ 05ක් ගාල් කළ හැකි වාහන අංගනයකින් ද මෙම පරිපාලන සංකීර්ණය සමන්විත වන බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල මහතා පැවසීය.

මේ අවස්ථාවට නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේරසිංහ, සිසිර ජයකොඩි, ලසන්ත අලගියවන්න, ප්‍රසන්න රණවීර, ජානක වක්කුඹුර , ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලන්සා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ , මිලාන් ජයතිලක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාරය රොෂාන් ගුණතිලක යන මහත්වරුන් සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක , දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

අස්වැසුම වැඩසටහනට අදාල අදාළ අභියාචනා ජූලි 10 දක්වා භාර දීමට හැකියි.

- අග්‍රාමාත්‍ය දිනේෂ්
ගුණවර්ධන මහතා.

අස්වැසුම සහනාධාර වැඩසටහනට ඇතුළත් නොවූ පවුල් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය ජූලි මස 10 දක්වා ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ 2023.06.23 දින සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ...

"සුභ සාධක මණ්ඩලය සහ රජයේ ආයතන මගින් සිදු කළ සමීක්ෂණය මගින් සහනාධාර ලැබිය යුතු පවුල් හඳුනා ගැනීම සිදු වුණා . මෙම සමීක්ෂණය සිදු කිරීමේදී නිලධාරීන්ගෙන් විවිධ බාධා සහ අභියෝග එල්ල වුවද රජය නිලධාරීන්ගේ සහ ස්වේච්ඡා තරුණ කණ්ඩායම් වල සහය ලබා ගනිමින් මෙම සමීක්ෂණය පැවැත්වීමට අප කටයුතු කළා. එමගින් පෙරටත් වඩා වැඩි ප්‍රමාණයක් සහනාධාර ලබා දීමට රජය අපේක්ෂා කරනවා .මෙම වැඩසටහනට ඇතුළත් නොවූ සහනාධාර ලැබිය යුතු පවුල් සිටි නම් එම අය වෙත අභියාචනා ඉදිරිපත් කිරීමට දැන් අවස්ථාව ලබා දී තිබෙනවා ඔවුන්ගේ අභියාචනා සමෘධි සංවර්ධන නිලධාරි වෙත හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදීමට හැකියාව පවතිනවා .
අඩු ආදායම්ලාභී පවුල් මෙම වැඩසටහනට ඇතුල් කර ගැනීම සඳහා සියලු දෙනා සියලූ දෙනා එක්ව කටයුතු කරන ලෙස මා ආරාධනා කරනවා. මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් නිලධාරීන් සියලු දෙනා එක්ව මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට කැප විය යුතුයි .
අඩු ආදායම් ලාභීන් හා විවිධ රෝග වලට ගොදුරු වී ඇති ජනතාව කිසිවෙකුට මෙම සහනාධාර අහිමි කිරීමට අප ඉඩ තබන්නේ නැහැ."

 

 

1

1

1

1

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සංවිධානය කරන ලද "මහජන දින" වැඩසටහන - රාජ්‍ය අමාත්‍ය ගරු. අශෝක ප්‍රියන්ත, අතිරේක ලේකම් (ප්‍රාදේශීය පරිපාලන ප්‍රතිසංස්කරණ) වරුණ ශ්‍රී ධනපාල මහතා සහ අධ්‍යක්ෂ ජනරාල් (SLIDA) නාලක කළුවැව මහතා

https://www.youtube.com/watch?v=RgGbL0_NEqU

 

• නීතියක් නැති රටක් තියෙන්න බැහැ...
• ග්‍රාමීය ජන ජීවිතය හා පහසුකම් දියුණු කිරීමට නිශ්චිත ආයෝජනයක්...
- අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ලක්ෂ 420ක වියදමින් ඉදිකළ හොරණ, මධුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොඩනැගිල්ල 2023.06.21 දින ජනතා අයිතියට පත්කිරීම සහ මදුරාවල, බදුරලිය, වලල්ලාවිට ඉඩම් හිමිකම් ඔප්පු 738 ක් ප්‍රධානය කිරීමේ අවස්ථාවන්ට එක්වෙමිනි.

 

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -
මේ අපේ පැරැණි ගම්වල උරුමයන් කියාපාන ප්‍රදේශයක්. අපනයනය කරන ලද රබර් ප්‍රමාණය සංඛ්‍යාලේඛන වලින් ගණන් හැදුවොත් බුලත්සිංහලට ලැබිලා තියෙන රජයේ සහය ඉතාම අඩුයි. සංඛ්‍යා ලේඛන සකස් කිරීමේ දී සහ යළි ආයෝජනය කිරීමේදී ඇති වී තිබෙන පරතරය නිසා කේන්ද්‍රීය නගර පමණක් දියුණුවෙමින් ග්‍රාමීය ජනයාගේ ජන ජීවිතය හා පහසුකම් දියුණු කිරීම අවම වීම නිසා ඊට නිශ්චිත ආයෝජනයන් වැඩ කිරීමේ අවශ්‍යතාව ඇති වී තිබෙනවා. අද සිදුකෙරෙන ඉඩම් අයිතිවාසිකම් ලබාදීම තවත් ජයග්‍රහණයක්.
අප මුහුණ දුන්නු අමාරු කාලය ඔබ සැමගේ ශක්තියෙන් ජයගන්න පුළුවන් වුණා. නීතියක් නැති රටක් තියෙන්න බැහැ. අරාජිකත්වය පදනම් කරගත් හිංසා වාදයට මුල් තැන දෙමින් රටක් පාලනය කරන්න බැහැ. ඒ නිසා හිංසා වාදය ප්‍රතික්ෂේප කොට අවිහිංසාවාදයේ මූලධර්ම මත යළිත් රටේ නීතිය හා සාමය ස්ථාපිත කරමින් ආර්ථික ගමන ශක්තිමත් කරන්නට අපට හැකියාව ඇති වී තිබෙනවා.
අර්බුදයෙන් ගොඩ එන්න අපට ශක්තිය දුන්නු ග්‍රාමීය ජනතාව රට පුරා සිටිනවා. අපේ ගම්බද ජනතාවගේ ගොවිතැන් කිරීම නිසා අතිරික්තයක් බිහිකරන්න පුළුවන් වුණා. එය ගම්බද ගොවි ජනතාව ඇති කරපු ජයග්‍රහණයක්. ඒ විශ්වාසය ඇති කරන්න පුළුවන් වීම නිසා ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තරව විශාල විශ්වාසයක් ඇති කරන්න පුළුවන් වුණා. අපේ රට ආර්ථිකව ගොඩනඟන්න පුළුවන් කියලා ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති වුණා. හැම ක්ෂේත්‍රයක්ම යළි පණ ගන්වන්නට ඕනේ. අපි පිළිගන්නවා. පාසැල් හැර යන හැම තරුණ තරුණියකටම තමන්ගේ දැනුම වර්ධනය කරගෙන පුහුණුවකට පරිවර්තනය කිරීම සඳහා ජනාධිපතිතුමා ප්‍රධාන රජය සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම වැඩසටහන් දියත් කොට තිබෙනවා.
හැම ගමක්ම ස්වයංපෝෂිත ගම්මාන බවට පත්විය යුතුයි. හැම හැමදේකින්ම අපට ස්වයංපෝෂිත වෙන්න බෑහැ. නමුත් යම්කිසි දෙයකින් අපට ස්වයංපෝෂිත වෙන්න පුළුවන් නම් හැම ගමක්ම ඒකාබද්ධ කොට ස්වංපෝෂිත ගම්මාන සැලැස්ම සාර්ථක කරගන්නට පුළුවන්. රට ගොඩනැගීම සඳහා සැලසුම් ඇති කරගෙන යන මෙම කාල පරිච්ඡේදයේ ඒ පිළීබඳ දැඩි අවධානයක් යොමු කළ යුතුයි.

 

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන, ලලිත් වර්ණකුමාර, සංජීව එදිරිමාන්න, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ආනන්ද වන්නිනායක, මහේෂ් ගම්මන්පිල යන මහත්වරුන් මෙන්ම කළුතර දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු නිළධාරීන් සහ ජනතාව මෙම අවස්ථාවට එක්වූහ.

 

 

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

 "ඉ - ග්‍රාම නිලධාරි" ව්‍යාපෘතිය මඟින් ගෘහ මූලික ලැයිස්තුව ඇතුළු පවූල් තොරතුරු ඩිජිටල් කිරීමට අදාල දත්ත එක්රැස් කිරීම් ආරම්භ කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කරනු ලබන උප්පැන්න, විවාහ සහ මරණ සහතික නොමැති පුද්ගලයන්ට අදාල සහතික ලබාදීමේ විශේෂ ජංගම සේවාවට 2023.06.17 දින එක්වෙමිනි.

"ඉ - ග්‍රාම නිලධාරි " ව්‍යාපෘතියට අදාල දත්ත එක් රැස් කිරීම පුත්තලම,කළුතර,කොළඹ,ගම්පහ,හම්බන්තොට,මන්නාරම , මාතර යන දිස්ත්‍රික්ක මූලික කරගෙන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ග්‍රාම නිලධාරීන් විසින් සිදු කරනු ලබන මහජන සේවාවන් නව තාක්ෂණය සහිතව කාර්යක්ෂම ඉටුකිරීමට මෙම "ඉ - ග්‍රාම නිලධාරි" ජාතික ව්‍යාපෘතියේ අරමුණ බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම දිස්ත්‍රික්කය සඳහා අදාල කොට්ඨායේ ග්‍රාම නිලධාරි හෝ බලයලත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් පැමිණ අදාල තොරතුරු ගැනීම ඉදිරියේදී සිදු කරනු ඇත.

"ඉ - ග්‍රාම නිලධාරි" ව්‍යාපෘතියට අදාළ තොරතුරු ඩිජිටල් කිරීමෙන් ඉදිරියේදී රාජ්‍ය සේවයෙන් ලබාගන්නා සේවාවන් සහ සහතික පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාගත හැකි.

මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආනන්ද වන්නිනායක, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්. පී හේරත්, රෙජිස්ට්‍රාර් ජනරාල් සමන්ත විජයසිංහ, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චතුර කුමාරතුංග, යන මහත්ම මහත්මීන් ඇතුළු ආරච්චිකට්ටුව, පල්ලම , හලාවත, මාදම්පේ ප්‍රාදේශීය ලේකම්වරු ද එක්ව සිටියේය.

 

1

 

 

 

1

 

 

 

1

 

 

 

1

 

 

 

1