ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු සොයා බැලීම පිළිබඳ සාකච්ඡාවක් සමස්ත ලංකා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සමග ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.03.07 වන දින ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ස්ථාන මාරු, රාජකාරී ලැයිස්තු, වැඩ බැලීම, පරිභාහිර රාජකාරි පැවරීම, කාර්යාල පවත්වාගෙන යෑම යන කරුණු සම්බන්ධව වර්තමානයේ මතුවී ඇති ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම ගැටලු පිළිබඳව සොයා බලා සාධනීය පිළිතුරු ලබා දීමට අවශ්‍ය කටයුතු සකසන ලෙස අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් වන ආනන්ද වන්නිනායක, චන්දන රණවීර ආරච්චි, එච්. එම් නන්දසේන, වරුණ ශ්‍රී ධනපාල, ධම්මික මුතුගල යන මහත්වරුන් සහ අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන්, සමස්ත ලංකා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වසන්ත ලංකාතිලක, සභාපති අනුරාධ සෙනෙවිරත්න , ජාතික සංවිධායක දුමින්ද කණ්ඩම්බි , වෘත්තීය ගැටලු ලේකම් නුවන් ප්‍රනාන්දු , පුත්තලම් දිස්ත්‍රික් සංවර්ධන නිළධාරි සංගමයේ සභාපති එම්.එම්. සජිත්, භාණ්ඩාගාරික ලිනුෂා හේරත්, කාරක සභික මංගලා නානායක්කාර යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.

 

 

1 1

1 1

1 1

1 1

1 1