ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යනු ශ්‍රී ලංකාවේ පරිපාලන ඒකක වර්ගයකි. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක එහි උප පරිපාලන ඒකකය ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට බෙදා ඇත. ශ්‍රී ලංකාවේ අතීතයේ පැවති පරිපාලන ඒකක වූ කෝරළේ, රට යන අතීත පරිපාලන ඒකක වර්තමාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට පදනම වී ඇත. තවද අතීතයේ දී පැවති D.R.O. කොට්ඨාසය, ප්‍රාදේශීය ආදායම් නිලධරයා වශයෙන් ද D.R.O., සහකාර දිස්ත්‍රික් ලේකම් ලෙස ද විකාසනය වී ඇත. වර්තමානයේදී මෙම එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් ප්‍රාදේශීය ලේකම්වරයා මඟින් පාලනය වන බව දක්නට ලැබේ.