නවීන පහසුකම් වලින් සමන්විත මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ගොඩනැගිලි දෙක සදහා රුපියල් මිලියන 236 වැය කෙරිණි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව යමින් නව තාක්ෂණය සමඟ ජනතා සේවය කාර්යක්ෂම ඉටුකිරීමට මෙම නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ගොඩනැගිලි තුළින් හැකි වනු ඇත.

මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය නීතිඥය අනුරාධ ජයරත්න, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදයන කිරිඳිගොඩ , මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්.එම් වන්නිනායක යන මහත්වරුන් මෙන්ම දෙල්තොට සහ උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියේය.

 

18 18

18 18

18 18

18 18

18 18

18 18

18 18

18 18

18 18

18 18 18