රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා සේවා අවශ්‍යතාවය අනුව යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පස් මහල් ගොඩනැගිල්ල පසුගිය 17 දින වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් විවෘත කරන ලදී. රට හදන සෞභාග්‍යයේ ප්‍රතිපත්තියට අනුව ගුණාත්මක මහජන සේවාවක් ඇති කිරීම මෙමගින් බලාපොරොත්තු වේ. නවීන තාක්ෂණයට අනුව ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පූර්ණ අධීක්ෂණය යටතේ රුපියල් ලක්ෂ 825 ක් වැයවී තිබේ.

දිස්ත්‍රික් ලේකම් සමුළුව අද (17)ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී.

2020 වසරේ දිවයිනේ අති විශිෂ්ඨතම රාජ්‍ය නිලධාරියා තේරීමේ තරඟයේ කුටප්‍රාප්තිය සනිටුහන් කරමින්, ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම්, හිමාලි රත්නවීර මහත්මිය එම කිරුළ දිනාගැනීමට සමත් වුවාය. එම තරඟය සඳහා තරඟ කළ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් වූයේ සමුපකාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය, අඩවි වන සහකාර චමින්ද අත්තනායක මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්. මුණසිංහ මහතා සහ යාපනය ප්‍රාදේශීය ලේකම් එස්. සුදර්ශන් මහතා යන මහත්ම මහත්මීන්ය.

අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අද (04) නිදහස් චතුරස්‍රයේ දී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක් යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින සැමරුම උළෙල පැවැත්විණි. ත්‍රිවිධ හමුදාවේ ආචාර පෙළපාලි සහ මනරම් සංස්කෘතික සංදර්ශනයන්ගෙන් සමන්විත වූ අතර සෞඛ්‍යය මාර්ග උපදේශයන්ට අනුව මෙවර ජාතික නිදහස් උත්සවය පැවැත්විය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විදෙස් තානාපතිවරුන් , මහකොමසාරිස්වරු ඇතුළු රාජතාන්ත්‍රිකයින් හා මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් ජාතික නිදහස් උත්සවය අභිමානවත් අන්දමින් පැවැත්විණි.

ජාතික නිදහස් දින ප්‍රගති සමාලෝචන රැස්වීම නිදහස් මන්දිරයේ දී අද (20) දින පැවැත්විණි. ඒ ආරක්ෂක ලේකම් හා රාජ ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිතුමා ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් සමග අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු එක්ව සිටියහ.

20 20

20 20

20 20

20 20

20 20

20 20