රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශය මගින් සංවිධානය කර ක්‍රියාත්මක කරන ලද සහතික පත්‍ර පාඨමාලා නිසි පරිදි අවසන් කළ සියලු නිලධාරීන් වෙන සහතික පත්‍ර ප්‍රදානය කිරීම පසුගිය 09 වන දා රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිල මැදුර පරිශ්‍රෙය්දී සිදු කෙරිණි.


 

දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25කින් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332කින් සමන්විත ස්වදේශ කටයුතු අංශයේ නිලධාරීන්ගේ ඉල්ලීම පරිදි දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අරමුණු කර ගනිමින් ආරම්භ කළ පුහුණු පාඨමාලා අදියරේ පළමු පියවර ලෙස පැවැති මෙම පාඨාමාලා සඳහා කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්වල නිලධාරීන් සම්බන්ධ වී සිටියහ. එසේ සම්බන්ධ වූ නිලධාරීන් අතුරින් විනය කටයුතු සහතික පත්‍ර පාඨමාලාව අවසන් කළ නිලධාරීන් 93 දෙනෙකු, ප්‍රසම්පාදන සහතික පත්‍ර පාඨමාලාව අවසන් කළ නිලධාරීන් 88 දෙනෙකු, තොරතුරු තාක්ෂණ සහතික පත්‍ර පාඨමාලාව අවසන් කළ නිලධාරීන් 41 දෙනෙකු සඳහා මෙහිදී සහතික පත්‍ර පිරිනැමිණි.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය කළමණාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මැතිතුමා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි මැතිතුමා, රාජ්‍ය කළමණාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.ජී. විජයබන්දු මහතා ඇතුළු රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරීන් බොහෝ පිරිසක් සම්බන්ධ වී සිටියහ. 

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

new-sec-07

2020 නව වසරේ ආරම්භක දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ආමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශය සිය රාජකාරි කටයුතු “නිල මැදුර“ පරිශ්‍රෙය්දී ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන හා ගිණුම් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, රාජ්‍ය පරිපාලන හා ගිණුම් කළමනාකරණ රාජ්‍ය ලේකම් එස්.ජී. විජයබන්දු මහතා, කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා ඇතුළු ස්වදේශ කටයුතු අංශයේ සියලුම මාණ්ඩලික නිලධාරීන් මෙන්ම සෙසු නිලධාරීන්ද සහභාගී වී සිටියහ.

ජාතික ධජය එසවීමෙන් පසු රාජ්‍ය සේවා ප්‍රතිඥාව සියලු නිලධාරීන් එක්ව ප්‍රතිඥා දුන් අතර, ඉන් අනතරුව සර්ව ආගමික වතාවත් සිදු කෙරිණි.

 

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අභිනව ගරු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගියදා නාරාහේන්පිට, “නිල මැදුර“ අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිය රාජකාරි ආරම්භ කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හිටපු ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා, ස්වදේශ කටයුතු හිටපු ලේකම් ගාමිණි සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහභාගී වී සිටියහ.

new-min-01

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා පසුගියදා නාරාහේන්පිට, “නිල මැදුර“ අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිය රාජකාරි ආරම්භ කළේය.

new-sec-07

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය වාර්ෂිකව පවත්වනු ලබන "Best Annual Report & Accounts" යන තේමාව යටතේ 2017 වර්ෂය සඳහා පිළයෙල කරන ලද කාර්ය සාධන වාර්තාව වෙනුවෙන් 2019 වර්ෂයේදී පවත්වන ලද තරගයෙන් ශ්‍රී ලංකා ජනරජයේ අමාත්‍යාංශ අතරින් ප්‍රථම වතාවට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රථම ස්ථානය හිමි කර ගන්නා ලදී.