ශිෂ්‍යත්ව

විභාග ප්‍රතිඵල

  • ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි සඳහන් අභිමතාර්ථ සාක්ෂාත් වන සේ මෙරට ප්‍රාදේශීය පරිපාලන ක්‍රියාදාම (දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල) මගින් සිදු කෙරෙන මහජන සේවා සැපයීම් යාන්ත්‍රණය වැඩිදියුණු කිරීම:
    • මූලික තොරතුරු, ක්‍රියාවලීන් හා සම්පත් සඵලදායී ලෙස ඒකාබද්ධ කිරීමේ කටයුතුවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් ප්‍රාදේශීය හා දිස්ත්‍රික් පරිපාලනයට අදාල කාර්යයන් සමාලෝචනය කිරීම.
    • මහජන හිතකාමී අයුරින් වැඩ පියවර සරල කිරීමේ කටයුතු හා පුරවැසි ප්‍රඥප්ති සමාලෝචනය.
    • දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටම්වල ධාරිතා සංවර්ධන හා ආකල්ප ප්‍රවර්ධන කටයුතු සඳහා සහාය ලබා දීම.
    • අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හා අංශයන්හි ප්‍රගමණයට අදාල වඩාත් ප්‍රශස්ත සේවා සැපයීමේ හා අභ්‍යන්තර සම්පත් කළමනාකරණ කාර්යයන්ට සහාය වීම පිණිස රාජ්‍ය හා රාජ්‍ය නොවන පාර්ශවකරුවන් සමග සඵලදායී සහයෝගීතා ගොඩනැංවීම.
  • ඉ-ග්‍රාම නිලධාරි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
    • පුරවැසියන්ට හා නිලධාරීන්ට භාවිතා කිරීමට පහසු, විශේෂයෙන් සැලසුම් කරන ලද ගෘහ පාදක දත්ත සමුදායක් මත පදනම් වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පද්ධතියක් (දෘඪාංග, ත්‍රෛභාෂිත මෘදුකාංග හා අන්තර්ජාල සබඳතා ඇතුළත්) මගින් අවශ්‍ය මහජන සේවා සැපයීම හා සෙසු නිල කාර්යයන් ඉටුකිරීම පිණිස 14,022ක් වූ ග්‍රාම නිලධාරී ප්‍රජාව සවිබල ගැන්වීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
    • බිම් මට්ටමේ ගෘහ පාදක තොරතුරු අඩංගු රජයේ වඩාත් විශ්වසනීයම තොරතුරු ප්‍රභවය ලෙස මෙම දත්ත සමුදාය කටයුතු කරනු ලබන අතර, අවශ්‍යතා පරිදි එය රජයේ වෙනත් නියාමන හා සංවර්ධන කාර්යයන් වෙනුවෙන් බෙදා හදා ගැනීමට හැකිය.

Planning Division

  • අමාත්‍යාංශය සඳහා ඒකාබද්ධ සැලැස්ම සකස් කිරීම
  • දිස්ත්‍රික් මට්ටමින් මධ්‍ය කාලීන සංවර්ධන සැලැස්ම සකස් කිරීම
  • වාර්ෂික සංවර්ධන සැලැස්ම සකස් කිරීම
  • සංවර්ධන සැලසුම් පිළිබඳ ප්‍රගති අධීක්ෂණය සඳහා පහසුකම් සැපයීම, ඇගයීම, සම්බන්ධීකරණය, වාර්තා කිරීම, ඉදිරිපත් කිරීම
  • ජාතික මට්ටමේ දත්ත පදනම් මෙහෙයුම් පද්ධතිය සහ සම්පත් පැතිකඩ සංවර්ධනය කිරීම
  • විශේෂ හා අත්‍යවශ්‍ය ගැටළු සහ ගැටළු සඳහා ව්‍යාපෘති සංකල්ප පත්‍ර සකස් කිරීම
  • තිරසාර සංවර්ධන අරමුණු පිළිබඳ වැඩසටහන් හා ව්‍යාපෘති සම්බන්ධීකරණය කිරීම
  • දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව විසින් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසීම
  • ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සහායවීම
  • අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක ඉදිකරීම් ව්‍යාපෘති සඳහා අවශ්‍ය තාක්ෂණ සහය ලබාදීම, ව්‍යාපෘති අධීක්ෂණ කටයුතු කළමනාකරණය හා ප්‍රගතිය පසුවිපරම් කිරීම
  • දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් හෝ විමධ්‍යගත අයවැය ප්‍රතිපාදන මගින් හෝ වෙනත් අමාත්‍යාංශයක් විසින් හෝ රාජ්‍ය නොවන සංවිධානයක් මගින් හෝ වෙනත් ප්‍රභවයක් මගින් හෝ ප්‍රතිපාදන ලබා දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කෙරෙන මිලියන 50ට වඩා වැඩි යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා දිස්ත්‍රික් ඉංජිනේරු වෙත අවශ්‍ය තාක්ෂණ සහය ලබාදීම, ව්‍යාපෘති අධීක්ෂණ කටයුතු කළමනාකරණය හා පසුවිපරම් කිරීම
  • සංවර්ධන / ගිණුම් (ප්‍රසම්පාදන) අංශයන්හි ප්‍රසම්පාදන කටයුතු සිදුකරනු ලබන්නා වූ ව්‍යාපෘති සඳහා අවශ්‍ය වන්නා වූ තාක්ෂණ සහය ලබාදීම හා එම ව්‍යාපෘතීන්හි ප්‍රගතිය පසුවිපරම් කිරීම
  • දිස්ත්‍රික් බංජිනේරුවරුන්ගේ උසස්වීම් කටයුතු සහ වරලත් තත්ත්ව ලබා ගැනීමේ කටයුතු සඳහා පහසුකම් සැපයීම හා කාර්මික නිලධාරීන්ගේ උසස්වීම් සඳහා පුහුණු අවශ්‍යතා සඳහා සහයවීම
  • ව්‍යාපෘතීන්හි භෞතික හා මූල්‍ය විචල්‍යයන් පිළිබඳව අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුවට නිර්දේශ ලබාදීම
  • “නිල මැදුර“ ගොඩනැගිල්ලේ නඩත්තු කටයුතු මෙහෙයවීම හා අධීකක්ෂණය
  • මහජන පැමිණිළි කළමනාකරණය.
  • ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ ග්‍රාම නිලධාරි පරිපාලන විමර්ශන කටයුතු කළමනාකරණය.
  • වංචා, දූෂණ සහ අක්‍රමිකතා ක්‍රම හඳුනාගැනීමට සහ වලක්වා ගැනීමට නව ක්‍රම හඳුන්වාදීම.
  • විනය පරීක්ෂණ වලට අදාල කටයුතු කළමනාකරණය.